විරෝධතාකරුවන් පොලිස් භාරයට ගැනීම ගැන පොලීසියෙන් නිවේදනයක්

Date:

ඊයේ (24) පස්වරුවේ කොළඹ ලිප්ටන් වරටවුම ප්‍රදේශයේ පැවති සමාජවාදී තරුණ සංගමය විසින් මෙහෙයවන ලද පෙලපාලිය විසුරුවා හැරීමේදී එම නීතිවිරෝධී පෙලපාලියෙහි සාමාජිකයින්ව සිටි පුද්ගලයින් 83 දෙනෙකු පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

මෙසේ පොලිස් භාරයට ගත් පිරිස අතර පිරිමි පුද්ගලයින් 77 දෙනෙකුත් කාන්තාව 4 දෙනෙකුත් භික්ෂූන් වහන්සේලා දෙදෙනෙකුත් සිටින බවයි පොලිසිය පවසන්නේ.

මෙම පෙලපාලියට විසිර යන ලෙස අවස්ථා කිහිපයකදීම අවවාද කළත් එය නොතකා තවදුරටත් ගමන් කිරීමත්, එය නීතිවිරෝධී පෙලපාලියක් වීම නිසාත්, මාර්ගයේ ගමන් කරන අයට සහ වාහනවලට බාධා වීම නිසාත් අධි ආරක්ෂිත කලාපවලට ඇතුළු වීමට කටයුතු කළහොත් ඇතිවන අවදානම නිසාත් මෙසේ එම පෙලපාලිය විසුරුවා හැරීමට කටයුතු කළ අතර එහිදී පුද්ගලයින් 83 දෙනෙකු පොලිස් භාරයට ගත් බව එම නිවේදනයේ සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!

කොළඹ LNW: ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා...

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...

අල්ලස් කොමිසමෙන් නඩු වැටෙන පළමු මාලිමා ඇමති – ඉංජිනේරු කුමාර ජයකොඩි

ජාතික ජන බලවේගයේ අමාත්‍යවරයෙකු එරෙහිව අල්ලස් නඩුවක්. 2015 වසරේ පොහොර...

කාශ්මීරයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව අඛණ්ඩව ඉහළට!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වන විට...