*
Friday, September 27, 2024
spot_img

Latest Posts

සෑම පැයකටම ලාංකිකයන් 32 දෙනෙකු රට හැර යනවා: සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හා ජාතික ආගමික සංහිඳියාව සඳහා වන එකමුතු වේ  සභාපති කරු ජයසූරිය මහතා විසින් පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත දී පවත්වන ලද “ජාතික ආගමික සංහිඳියාව ඇති කිරීම සහ යහපත් රටක් උදෙසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්” සම්මන්ත්‍රණයේදී පළකරන ලද අදහස් (2022.09.24)

රටේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමටත්, ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමටත්, ජාතික හා ආගමික සමගිය ඇති කිරීමටත්, විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීමටත්, වැනි උදාර පරමාර්ථය ඇතිව අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමිගේ දර්ශනය ප්‍රචලිත කරමින් අප දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය කරනවා.

ප්‍රදේශයේ ආගමික නායකත්වය ඇතුළු සිවිල් සමාජයේ නියෝජිතයින්, වෘත්තීයවේදීන්, වෙද, ගොවි, ගුරු, කම්කරු ආදී  නියෝජිතයින් හමුවී රට ගොඩනැගීමට අවශ්‍ය අදහස් හා යෝජනා අපි ලබාගන්නවා. මෙම අදහස් ලබා ගැනීම අපට ඉතා ප්‍රයෝජනවත්. රටක් ගොඩනැගීමට ජනතා මතයට ගරු කළ යුතුයි. මෑත යුගයේ දී රට පිරිහුනේ එවැනි සංවාදයක් නොතිබූ නිසයි.

2020 දී ඉදිරිපත් කළ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වුණා. කිසිම ආකාරයක ජන සහභාගීත්වයක් හෝ ජනතා අදහස් ලබා ගැනීම කිසිවිටෙක සිදු වුණේ නෑ. රටේ මුළු විනාශය ම ඇතිවූයේ 20 වැනි සංශෝධනය නිසා. එම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළ අවස්ථාවේ සිටම එය වහා අහෝසි කළ යුතු බවට අප විශාල විරෝධයක් ප්‍රකාශ කළේ එහි ඇති භයානක ප්‍රවණතාවය අප වටහා ගත් නිසයි.

මෙහිදී 19 වැනි සංශෝධනය නැවතත් වහා බලගැන්වීමේ වැදගත්කම ගැන නිරතුරුව හඬක් නැගුවා. රජය පොරොන්දු වූ ආකාරයට ඊළඟ පාර්ලිමේන්තු සැසි වාරයේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශවලට යටත්ව පණත බලගැන්වීම අනිවාර්යයෙන් සිදුවිය යුතුයි. එය රජය ජනතාවට දුන් පොරොන්දුවක්.

ජීවන වියදම, විදුලි කප්පාදුව, ඉන්ධන හා විදේශ විනිමය හිඟය, කෘෂි කර්මාන්තයේ බිඳ වැටීම, ධීවරයින්ට ඇතිවී තිබෙන දුෂ්කරතා ආදී එදිනෙදා ගැටළු වලට අප අප අවධානය යොමු කළ යුතුයි. අලුත්ම වාර්තා අනුව සෑම පැයකටම ලංකාවේ පුරවැසියන් 32 ක් විදේශගත වෙනවා. පසුගිය මාස 8 අට තුළ වෛද්‍යවරුන් 500 කට වඩා රට හැර ගොස් තිබෙනවා. ඉංජිනේරුවරු ඇතුළු සිය ගණනක් බුද්ධිමතුන් විදේශගත වෙනවා. මේ සියලු දෙනා විදේශගත වන්නේ අනාගත බලාපොරොත්තු බිඳ වැටුණු විට. ඔවුන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම ප්‍රධාන පරමාර්ථය යි. අප රටේ විශ්වවිද්‍යාල පහසුකම් අවශ්‍ය තරම් නොලැබෙන විට ඉඩකඩම් විකුණන සමහර දෙමව්පියන් දරුවන් සමඟ විදේශගත වනවා. මේ අපට අහිමි වන්නේ අනාගත ජාතික සම්පත්. මේ සියලු දෙනා නිදහස් අධ්‍යාපනයෙන් බිහි වූ අය. මේවා රටක් පිරිහීමේ පෙර නිමිති. රටක් මේ ආකාරයට දියුණු වෙන්න බැහැ. සෑම පුරවැසියකු ම මේ කරුණ වටහා ගත යුතුයි.
ස්වභාවික සම්පත් පිරුණු එමෙන්ම භූගෝලීය පිහිටීම අනුව අපේ රට වාසනාවන්තයි. තවමත් අපි විශ්වාස කරන්නේ මේ රට ගොඩ නැගිය හැකි බවයි. මෙහිදී ජාතික සමගිය හා එකගතාවය ඉතා වැදගත්. මෙය පළමුවෙන් සිදු විය යුත්තේ පාර්ලිමේන්තුවෙන්. ඉන්පසු සමස්ත පුරවැසියන්ගෙන් එම එකඟත්වය ඇතිවිය යුතුයි.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය කිසිම දේශපාලන පක්ෂයකට හෝ බලවේගයකට අයිති නැහැ. එය රටේ උන්නතිය වෙනුවෙන් එක්වුණු දේශප්‍රේමී පුද්ගලයින්ගේ එකමුතුවක්. අපි රට වටා සංචාරය කරමින්, ජනතාවට ආයාචනය කරමින් සිදුකරන්නේ එහෙම ජාතික ආගමික සමගිය හා එකගතාවය වෙනුවෙන් කරන ආයාචනයයි.

අපි ශක්තිය ලබා ගන්නේ ජනතාව තුළින්. දේශීය මෙන්ම ලොව වටා සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව අප සමග සමඟ නිරන්තරව සමීපව කටයුතු කරනවා. ජාතික වැදගත්කමින් යුත් කරුණු වලදී දේශීය හා විදේශීය විද්වතුන් වැදගත් අදහස් හා යෝජනා අප වෙත ලබා දෙනවා.

මෙතෙක්  බලපාන කරුණු ගැන සූම්/ වෙබිනාර් සම්මන්ත්‍රණ රාශියක් පවත්වා තිබෙනවා. හෙට 25 වැනි ඉරිදා100 වැනි වෙබිනාර් සාකච්ඡාව පවත්වනවා. මේ අදහස් හුවමාරු තුළින් ඉතා වටිනා අදහස් එළිදැක්වෙනවා. බලධාරීන් දැනුවත් කරනවා. රජය මෙම කරුණු එදා අවධානයට යොමු කළා නම් අද ඇතිවී තිබෙන අවාසනාවන්ත ඉරණම රටට ඇතිවන්නේ නැහැ.

අපි අද හලාවතට පුත්තලම් දිස්ත්‍රික්කයට පැමිණියේ ජාතික හා ආගමික සමගිය හා පොදු ජාතික එකඟතාවයක අවශ්‍යතාවය පහදා දෙන්න. අපි හමුවේ අද ගෞරවනීය ආගමික නායකත්වයක් හා සම්භාවනීය නියෝජනයක් තිබෙනවා ඔබ සැමගේ සහභාගිත්වය අපට ගෞරවයක් හා ශක්තියක්.

අද එළි දැක්වෙන කරුණු ගැන ඔබ සැමගේ එකඟත්වයක් ඇත්නම් අපට ආශීර්වාද කරන්න.  මෙම පණිවිඩය ගමට ගෙනියන්න. සමගි සම්පන්න වාසනාවන්ත රටක් නැවත ගොඩනැගීමට අපි අත්වැල් බැඳ ගනිමු.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan