රනිල් ඔයා හිතන්න එපා අරගලයට තිත තිබ්බා කියලා – එරංග ගුණසේකර

Date:

සමාජවාදී තරුණ සංගමයේ මැදිහත්වීමෙන් ඊයේ කොළඹදී විරෝධතාවයක් පැවැත්විණි. මෙම විරෝධතාවයට පොලීසියෙන් දැඩි බාධා එල්ල වූ අතර කඳුළු ගෑස්, ජල ප්‍රහාරවලින් නොනැවතී බැටන් ප්‍රහාරයක්ද එල්ල විය.

විරෝධතාවය අතරතුර පුද්ගලයන් 84 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.

අත්අඩංගුවට ගත් පිරිසෙන් පුද්ගලයන් 42 දෙනෙකු අද කොළඹ අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා හමුවට ඉදිරිපත් කළේය.

එම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා ප්‍රකාශ කළේ අරගලය යළිත් වටයකින් ආරම්භ වී ඇති බවයි. අරගලයට තිත තබා ඇතැයි රනිල් වික්‍රමසිංහ මහතා සිතා සිටින්නේ නම් ඔහුට වැරදී ඇති බවත්, අරගලයට තිතක් නොව කොමාවක් පමණක් තබා ඇති බවත් ඔහු පවසනවා.

රනිල් වික්‍රමසිංහ ගෙදර යවා මිස අරගලයට නොනවතිනු ඇති බවයි එරංග ගුණසේකර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා පාඩුව ඩොලර් බිලියන දෙකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ...

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ප්‍රබල අකුණු පිළිබඳව...

ස්විට්සර්ලන්තයේ සිට ආ ආපදා ආධාර..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (6)...

රාජ්‍ය නිළධාරීන්ගේ වැටුප් රහිත නිවාඩු ගැන තීරණයක්!

රාජ්‍ය නිලධාරීන්ට දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු අනුමත...