දෙවන ටෙස්ට් තරගයට නවසීලන්තය සහ ශ්‍රී ලංකාව සූදානම් වූ අයුරු

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 25, (LNW) කොළඹ :

අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් තරගය වෙනුවෙන් ඊයේ දෙපිළිම සිය පුහුණු සැසිවල නිරත වෙනු දකින්නට ලැබුණා.මේ වන විටත් තරගාවලියේ 1- 0 ක් ලෙස ඉදිරියෙන් සිටින ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව අවසාන ටෙස්ට් තරගය ජය ගැනීම නිසා මෙන්ම නවසීලන්තයට එරෙහිව පළමු ටෙස්ට් තරගය ජය ගැනීම නිසා ද යහපත් මානසිකත්වයකින් මේ තරගයට මුහුණ දීමට සූදානම්ය.


වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවේ හසල අත්දැකීම් ඇති නවසීලන්ත ක්‍රීඩකයින් ද මේ තරගය පහසුවෙන් ශ්‍රී ලංකාවට ජය ගැනීමට නොදෙනු ඇත.දඟ පන්දු යවන්නන්ට යෝග්‍ය ගාලු පිටියේ අජාස් පටෙල් ද නවසීලන්තයට හොඳ ප්‍රතිපල අත් කර දෙන්නට සමත් වී ඇති නිසා ශ්‍රී ලංකාවට දෙවනුව පන්දුවට පහර දීමට අවස්ථාව උදා වුවහොත් පළමු ඉණිම සඳහා වීහාල ලකුණු ප්‍රමාණයකින් නවසීලන්තයට වඩා ඉදිරියෙන් සිටීමට උත්සාහ කළ යුතුය.සිව්වන ඉණිම ගාලු පිටිය ගැන දන්න රංගන හේරත්ගේ මඟ පෙන්වීම යටතේ අජාස් පටෙල් ප්‍රමුඛ නවසීලන්ත දඟ පන්දු යවන්නන් විසින් අත්පත් කර ගන්නට ඇති ඉඩ බොහෝය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර අපරාජිත බව බිඳ වැටෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්

‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උළෙල හෙට!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : හෙට (13) ‘Rebuilding...