ටෲඩෝට එරෙහිව එරට විපක්ෂය විශ්වාසභංගයක් ගෙන එයි

සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊයේ(25)දිනයේදී කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ ගේ ආණ්ඩුව පෙරලා දමා නව මැතිවරණයක් ගෙන ඒමේ අපේක්ෂාවෙන් එරට විපක්ෂය වන කොන්සර්වේටිව් පක්ෂය විසින් විශ්වාසභංගයක් ගෙනවිත ඇති බව වාර්තා වේ.

එරට විශ්වාසභංගය සම්මත වීමට නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 338 දෙනාගෙන් බහුතරයකගේ අනුමැතිය අවශ්‍ය වන අතර ආසන 153ක් හිමි ටෲඩෝ ගේ ලිබරල් පක්ෂය විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අතර ආසන 119ක් හිමි කන්සර්වේටිව් පක්ෂය පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් Pierre Poilievreවිසින් ගෙන ආ මෙම විශ්වාසභංගය පාර්ලිමේන්තුවේ තවත් දේශපාලන පක්ෂ දෙකක් වන නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (NDP) සහ Bloc Québécois හි නායකයින්ගේ සහයෝගය ලබා ගැනීමට නොහැකි වීමත් සමඟ යෝජනාව අසාර්ථක විය.

කන්සර්වේටිව් පක්ෂය ප්‍රකාශ කර ඇති පරිදි අද(26) දිනයේද අවම වශයෙන් තවත් එවැනිම විශ්වාසභංග දෙකක් ගෙන ඒමට ඔවුන් සැලසුම් කර ඇති අතර මේ වන විට ටෲඩෝ වසර හයක් පුරා එරට අග්‍රාමාත්‍ය තනතුරේ කටයුතු කරමින් සිටියි.

ටෲඩෝගේ ලිබරල් පක්ෂය ගෙවුණු ග්‍රීෂ්මයේදී ටොරොන්ටෝ සහ මොන්ට්‍රියල් හි අතුරු මැතිවරණ දෙකක් පරාජයට පත්වීමත් සමඟ දැඩි පිඩනයකින් පසුවන අතර නිවාස මිල දරාගත නොහැකි වීම සහ ඉහළ යන ජීවන වියදම් පිළිබඳ කනස්සල්ල මධ්‍යයේ ටෲඩෝ ජනප්‍රියත්වයද මේ වන විට පිරිහෙමින් පවතින බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...