නායකත්වයේ වගකීම් කෝසලට සහ ගයත්‍රීට

Date:


නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 25, කොළඹ LNW:

සැප්තැම්බර් 27 වන දා සිට ඔක්තෝම්බර් 4 වන දා දක්වා පැවත්වෙන ලෝක ගෘහස්ත ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායම් හයක් සහභාගි වීමට සූදානමින් සිටිනවා.ඒ විවෘත සහ අවුරුදු 22 න් පහළ වයස් සීමා යටතේ කාන්තා සහ පිරිමි ලෙසයි.


ශ්‍රී ලංකා ගෘහස්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු අසේල පතිරණ පෙන්වා දෙන්නේ එහිදී ප්‍රධාන ජාතික කණ්ඩායමේ නායකත්වය කෝලිත හපුආරච්චිට හිමිව තිබෙන බවයි.කාන්තා කණ්ඩායම් ප්‍රධානි මනෝරි කොඩිතුවක්කු ප්‍රකාශ කළේ ප්‍රධාන කාන්තා කණ්ඩායමේ නායකත්වය දන්නේ ගයත්‍රී කාරියවසම් බවයි.


දෙදෙනාම පළපුරුදු ක්‍රීඩකයින් මෙන්ම නායකත්වයේද පළපුරුදු අය වන අතර අසේල පතිරණ පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර ඉන්ඩෝ ක්‍රිකට් ක්‍රීඩාවේ වෘත්තීය මට්ටමෙන් තරග වඳින හය දෙනෙකු මෙවර කණ්ඩායම නියෝජනය කරන නිසා සහ ඔවුන් මේ මොහොතේ දක්ෂතාවලින් ඉදිරියෙන් සිටින නිසා සූරතාවය සඳහා විශ්වාසයෙන් සටන් කිරීමේ හැකියාවක් ශ්‍රී ලංකාවට තිබෙන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රේනර් වෙනුවෙන් දිලිත්ගෙන් ලියුමක් !

හිරු මාධ්‍ය ජාලයට එරෙහිව පොලීසිය විසින් විදුලි සංදේශ නියාමන...

උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලට ආයෙත් කාලගුණය නපුරු වෙයිද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, කොළඹ LNW : එළැඹෙන දෙසැම්බර් මස...

දකුණු කොරියානු ජනාධිපති Lee Jae-myung ගෙන් චෝදනාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු කොරියානු ජනාධිපති...