අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ජවිපෙ නීති කමිටුවේ හිටපු කෙනෙක්. මං ළඟ තියෙනවා අත්සන් ලේඛන – නන්දන (VIDEO)

Date:

අල්ලස් කොමිසමේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා මීට දශක දෙකකට පෙර ජනතා විමුක්ති පෙරමුණේ නීති කමිටුවේ සාමාජිකයකු බවත් එම කමිටුව කැඳවූයේ එවකට ජවිපෙ දේශපාලන බලමණ්ඩල සාමාජිකයකු වූ තමන් විසින් බැවින් තමන් මේ පිළිබඳ හොඳින්ම දන්නා බවත් පානදුර හිටපු නගරාධිපති නන්දන ගුණතිලක මහතා පවසයි.

“අල්ලස් හෝ දූෂණ කොමිසම හරහා මේක විසඳාගන්න බැහැ. ඒකට දාලා තියෙන්නෙ ඒගොල්ලොන්ගෙ මිනිස්සු. මම කැඳවපු නීති කමිටුවේ ඉඳපු කෙනෙක් තමයි අද අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්. මම පක්ෂයේ දේශපාලන බලමණ්ඩල සභිකයෙක් විදියට මට තමයි නීති අංශය පැවරිලා තිබුණේ. නීති අංශයේ ලේකම් හැටියට අපි දැම්මේ වටගලව. ඒකෙ සාමාජිකයෙක් තමයි රංග දිසානායක කියන්නෙ. මාව ගෙනියන්න කියන්න ඕනෙ තැනකට, මං ළඟ තියෙනවා අත්සන් ලේඛන. අත්සන් කරපුවා. ගෙනියන්න කියන්න පුළුවන් නම්. එහෙමයි. එහෙම මිනිස්සුන්ව දාගත්තෙ ඇයි ? මේවා යටගහන්න. දැන් මේවා ඇදෙනවානෙ. අර දුෂණ විරෝධී පනත යටතේ අනිවාර්යයෙන්ම මේවා එළියට එනවා කියලා දන්නවානෙ. ඒ නිසා මේ රවීලා, ශානිලා, රංගලා, දැන් අර රේගුවටත් එක්කෙනෙක් දැම්මානෙ. ඔය ඔක්කොම දාගත්තෙ මේ ටික වහගන්න”

නන්දන ගුණතිලක මහතා මේ බව පැවසුවේ ඊයේ (25) හිරු රූපවාහිනී නාලිකාවේ විකාශය වූ සජීවී දේශපාලන සංවාදයකදී ය.

නන්දන ගුණතිලක මහතා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බලමණ්ඩල සභිකයකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස 2006 වසර දක්වා කටයුතු කර තිබිණි. 1994 ජනාධිපතිවරණයේදී ජවිපෙ ජනාධිපතිවරණ අපේක්ෂකයා වූයේ ද නන්දන ගුණතිලක මහතා ය. 2006 වසරේදී ජවිපෙන් ඉවත් වූ ඔහු පසුව එක්සත් ජාතික පක්ෂයට එක්වූයේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...