පෑලියගොඩ මාළු වෙළෙඳසැළ අසලින් අවි ආයුධ තොගයක් සොයාගැනේ: “කෙහෙල්බද්දර පද්මේ” විසින් සඟවා තැබූ බවට අනාවරණයක්

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26 කොළඹ LNW :

පෑලියගොඩ මාළු වෙළෙඳසැළ අසලින් “කෙහෙල්බද්දර පද්මේ” විසින් සඟවා තැබූ බවට පැවසෙන අවි ආයුධ තොගයක් සොයාගෙන තිබෙන බව වාර්තා වේ.

එහිදී ටී-56 පතරොම් 500කට අධික ප්‍රමාණයක්, ටී-56 මැගසින් 04ක් සහ මයික්‍රෝ පිස්තෝලයක් ද පොලිසිය විසින් සොයාගෙන ඇති බව සඳහන් වේ.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මන්දිනු පද්මසිරි හෙවත් “කෙහෙල්බද්දර පද්මේ” ඇතුලු පාතාල කල්ලි සාමාජිකයන් කිහිප දෙනෙකු පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එනු ලැබූ අතර, බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය විසින් ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදීවලදී අදාල තොරතුරු අනාවරණය වී තිබෙන බව වැඩිදුරටරත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජීවිතය … මිත්‍රයන් සහ මතකය ….

පවුලේ සාමාජිකයො කියන්නෙ අපි විසින් තෝරාගත් කොටසක් නෙවෙයි.ඒ පිරිස...

වැසි තත්වයේ වෙනසක් – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 26) දිනයේදී උතුර, නැගෙනහිර...

සුනාමි ඛේදවාචකයට වසර 21 යි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට දැවැන්ත...

දරුණු රිය අනතුරක් : 31කට තුවාල.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මාතර - බෙලිඅත්ත...