කිරුළ රැක ගැනීමේ මුල් උත්සාහය අද

Date:

මාල දිවයිනේ පැවත්වෙන දෙවන දකුණු ආසියානු පැසිපන්දු සම්මේලන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගයට අද සහභාගිවීමට නියමිතයි.එහිදී ශ්‍රී ලංකාව සමඟ තරග වැදීමට නියමිත භූතානය සමඟයි
නේපාලයේ පැවති මෙහි පළමු තරගාවලියේ සූරතාවය හිමි වූයේ ශ්‍රී ලංකාවටයි.එම තරගාවලියට මෙන්ම මෙම තරගාවලියට ද ඉන්දියාව සහභාගි වන්නේ නැති අතර පළමු තරගාවලියේ සහභාගි නොවුණු කණ්ඩායම් අතරට අයත් වුණ ඉන්දියාව,පකිස්තානය සහ ඇෆ්ගනිසතානය අතරට මෙවර බංගලාදේශයද එක්ව තිබෙනවා.ඒ අනුව මෙවර තරගාවලියට සහභාගි වන්නේ සත්කාරක මාල දිවයින,නේපාලය,භුතානය සහ ශ්‍රී ලංකාව යි.
පළමු තරගාවලියේ අනු සූරියන් වූ නේපාලය තරගාවලිය අරඹමින් පැවති තරගයේදී සත්කාරක මාල දිවයින වෙත පරාජය වුණා.ඒ ලකුණු 51 -47 ක් ලෙ සටහන් වූ එම ලකුණු පූවරුව පළමු තරගාවලිය සමඟ සසඳද්දී ශ්‍රී ලංකාවට ලොකු අභියෝගයක් වීමට ඉඩ නැතත්,පළමු තරගයට මාල දිවයින තමන්ගේ සියළුම දක්ෂ ක්‍රීඩිකාවන් එක් කර තිබෙනවාද නැද්දයන්න දැක ගන්නට ශ්‍රී ලංකාව සහ මාල දිවයින අතර තරඟය පැමිණෙන තෙක්ම ඉවසා සිටින්නට සිඳු වෙනවා.
මාල දිවයිනේ එම තරග ජයග්‍රහණය පිළිබඳව මාල දිවයින වැසියන් බොහෝ සෙයින් සතුටට පත් වූ අතර එය ඉදිරියේදී පාපන්දු මෙන්ම දකුණු ආසියාවට මාල දිවයින පැසි පන්දු අභියෝගයක් විය හැකි අනාගතයක පෙර නිමිත්තක් විය හැකියි.ශ්‍රී ලංකා කණ්ඩායමේ ඡායාරූපය හැරුණු විට මෙහි දැක්වෙන්නේ මාල දිවයින සිය ජයග්‍රහණය ගැන සතුට බෙදාගත් අයුරුයි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 180ක හිඟයක් – GMOA

සටහන: සශිකලා මධුෂාණි මේවන විට රෝහල් පද්ධතිය තුළ ඖෂධ...

පෙරළිකාර පානදුර සහ සීසීසි විස්සයි විස්ස අවසාන සටනට

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය...

‘ටෙහෙරානය ගිනි ගනීවී’

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට...

හිටපු ඇමති දයාගේ කෝටි ගණනක දේපළ වෙන්දේසි කෙරේ !

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය දයා ගමගේට...