ජනතාවගේ නිදහස් නිවහල් අයිතීන් උල්ලංඝණය කරන රාජපක්ෂ කතිර දේශපාලන නායකත්වය ගැන’  සජිත් අද ගලිගමුව අමතයි!

Date:

ආණ්ඩුව ජනතාවට බයයි. ඒ නිසා “තහංචි කලාප” ඇති කරලා.

වත්මන් ආණ්ඩුවේ ප්‍රධානියා ජනතාවගේ කතිරයෙන් නොව රාජපක්ෂලාගේ කතිරයෙන් බිහි වී ඇති බැවින් ඔහු ජනතාවගේ නැගී සිටීමට බිය වී ඇති බවත්, ඒ නිසා ජනතාවගේ සුවදුක් විමසීමට ජනතාවට හමුවට යාමට පවා බිය වී ඇති අතර ඔවුන් සිදු කරන්නේ ජනතාවගේ නිදහස් නිවහල් අයිතිය උල්ලංඝනය කරමින් තහංචි කලාප ඇති කරමින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහිමි කිරීම බවත් ඊයේ (25) ගලිගමුව ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේ වත්මන් ආණ්ඩුව ජනතාවට බය වී ජනතාව හමුවට නොගියත් කිසිදු දිනක සමගි ජන බලවේගය ජනතාවගෙන් ඈත්වී නොසිටින බව කියා සිටි විපක්ෂ නායකතුමා, වත්මන් රජය ජනතාවට බිය වී ඇත්තේ ජනතාවගේ පැතුම් හා අභිලාෂයන් ඉටු කර ගැනීමට නොහැකි වී ඇති නිසා බවත් ඔවුන්ට ඒ සඳහා හැකියාවක් නොමැති බවත් පැවසීය.

වත්මන් ආණ්ඩුවේ සාමාජිකයන්ට අවශ්‍ය වී ඇත්තේ ජනතාවගේ ප්‍රශ්න ගැටලු ගැන අවධානය යොමු නොකර ඔවුන්ගේ ඇමතිකම්, වරදාන, වරප්‍රසාද වැඩි කර ගැනීම බවත් එබැවින් ඔවුන්ට ජනතාවට සහන සැලසීම, ජනතාව වෙනුවෙන් වැඩක් කිරීමට නොහැකි වී ඇති බවත් ඒ මහතා පැවසීය.

ආහාර උද්ධමනය, ජීවන වියදම, විදුලි බිල පවා ඉතා ඉහළ ගොස් ඇති බවත් මේ ආණ්ඩුව බිහි කිරීමට වැඩි දායකත්වයක් ලබා දුන් ආගමික මධ්‍යස්ථානවලින් පවා පළි ගන්නා බවත් එසේ ම බුද්ධිගලනය සහ විරැකියාව වැඩි වී ඇති බවත් පැවසු විපක්ෂ නායකතුමා, මේ සඳහා හේතු වී ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහමැතිවරණයේ දී ජනතාව ඇන්දවීම තුළින් ජනතාව රවටා බලය අනිසි ලෙස භාවිත කළ නිසා බව ද කියා සිටියේය.

නාග රාජ්‍ය කෝලම්, පැණි කෝලම් වැනි බොරු කියා හොඳටම කිරීමට හොඳටම බලය අවශ්‍ය බව පවසා 20 වැනි සංශෝධනය ගෙනවිත් රට විනාශ කළ බවත් ඒ හේතුවෙන් ජනතාවගේ ජීවත් වීමේ අයිතිය පවා අහිමි කිරීමට මේ ආණ්ඩුව කටයුතු කළ බව ද පැවසීය. රාජපක්ෂ පවුලේ කවුරුත් බලයේ නොසිටියත් ඔවුන්ගේ දොරටුපාලකයා රට පාලනය කරමින් සිටින බවත් ඔහු රාජපක්ෂ අතකොලුවක් ලෙස කටයුතු කරන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

එබැවින් රාජපක්ෂ හෙවනැලි ආණ්ඩුව පන්නනකම් රටට සුගතියක් නොමැති බව පැවසු විපක්ෂ නායකතුමා, වත්මන් ආණ්ඩුව ජනතාවට බිය වී ජනතා මර්දනය, මාධ්‍ය මර්දනය සිදු කරන බවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කර ගෙන තරුණයන් දැඩි ලෙස මර්දනය කරන බවත් ඒ මර්දනය තවදුරටත් වැඩි කරමින් තහංචි කලාප බිහි කරන බවත් පැවසූ විපක්ෂ නායකතුමා කියා සිටියේ නිදහස් නිවහල් රටක් , ප්‍රජාතන්ත්‍රවදී රටක් ගොඩනැගීමට ආණ්ඩුව කටයුතු කළ යුතු වුවත් රට තුළ තහංචි කලාප නීතිවිරෝධී ලෙස පනවා ඇති බවත් එය වැරදි ක්‍රියාවක් බවත් ය.

සියලුම ඡායාරූප නරඹන්න පහත link එකට පිවිසෙන්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

RMV හිටපු ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වන...

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...