රට අර්බුදයෙන් ගොඩගන්න කැනඩාවේ සහාය!

Date:

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් මිදීමට සහ ආර්ථික ස්ථාවරත්වය ගොඩනැඟීමට කැනඩාවේ සහාය හිමිවන බව ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා අද (26) දින මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා හමුවූ මොහොතේ ප්‍රකාශ කළේය.

මෙම හමුව දෙපාර්ශවය අතර ‍පැවැත්වූයේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ය.

ඒ අනුව, රට තුළ ආර්ථික ස්ථාවරත්වය ගොඩනැඟීමට කැනඩාවේ සහාය හිමිවනු ඇති බව කැනේඩියානු මහ කොමසාරිස්වරයා පොරොන්දු විය.

මෙම හමුව තුළ දී දෙරට අතර පවතින ද්වීපාර්ශ්වික සබඳතා පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් වී ඇති අතර, රට තුළ පවතින වත්මන් තත්ත්වය, දේශපාලනික වාතාවරණය සහ ජනතා විරෝධතා ආදී කරුණු පිළිබඳව ද අමාත්‍යවරයා මහ කොමසාරිස්වරයා සමඟ අදහස් හුවමාරු කරගෙන ඇත.

කෙසේවෙතත්, කැනේඩියානු මහ කොමසාරිස්වරයා අවධාරණය කළේ, කුමන තත්ත්වයක් යටතේ වූවද මානව හිමිකම් සුරක්ෂිත කිරීමට කටයුතු කළ යුතු බවයි.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්ථාන විදේශ අමාත්‍යවරයා සහ බංග්ලාදේශ නිලධාරීන් අතර සාකච්ඡා

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථාන විදේශ අමාත්‍යවරයා...

Emine Erdogan ගෙන්  Melania Trumpට ලිපියක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ සහ රුසියාවේ...

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගැනත් විමර්ශන ඇරඹේ!

කොළඹ LNW:හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරමින...