විශ්‍රාමික SDIG ලලිත් ජයසිංහට සිර දඬුවම් !

Date:

මිනීමැරුම් සිද්ධියක් සම්බන්ධයෙන් දේශපාලනඥයෙකු අත් අඩංගුවට නොගන්නා ලෙස කහවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට බලපෑම් කිරීමේ චෝදනාවට වැරදිකරු වූ විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට වසර 05ක බරපතළ වැඩසහිත සිරදඬුවමක් රත්නපුර මහාධිකරණය විසින් නියම කර තිබේ.

එම නඩු තීන්දුව ඊයේ (25) ප්‍රකාශයට පත් කරමින් රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඔහුට රුපියල් 20,000 ක දඩයක් ද නියම කළාය.

සබරගමු පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටියදී මිනීමැරුම් සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලී නමැත්තා අත් අඩංගුවට නොගන්නා ලෙස කහවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ලලිත් ජයසිංහට චෝදනා එල්ල වී තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වනජීවී ඡායාරූපකරණයෙන් ජනතා තේරීමේ සම්මානය මෙවර කාට හිමි වේ ද?

සටහන – පුලී පෙබරවාරි 09, LNW (කොළඹ): වසරේ වනජීවී ඡායාරූප...

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...

‘ඓතිහාසික’ ජයග්‍රහණයෙන් පසු බදු කප්පාදු ඉටු කිරීමට ජපානයේ Takaichi ප්‍රතිඥා දෙයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ පැවති...