*
Wednesday, October 2, 2024
spot_img

Latest Posts

පාස්කු මහ මොළකරුවන් ඇල්ලුවේ නැත්නම් ඔවුන් යළි ක්‍රියාත්මක වෙන්න පුළුවන්!

කොළඹ LNW:රට තුළ සිටින පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් නීතියේ රැහැනට කොටු කර නොගතහොත් දේශපාලන වශයෙන් බලය හුවමාරු වීමකදී ඔවුන් නැවත ක්‍රියාත්මක වී කටයුතු කිරීමට හැකියාව තිබෙන බව සමගි ජන බලවේගයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා අවධාරණය කරයි.

පාස්කු ප්‍රහාරය සිදුවී අවුරුදු 4 කට වැඩිකාලයක් ගොස් ඇති බවත් රජය සහරාන්ට,ඉස්ලාම් අන්තවාදයට පාස්කු ප්‍රහාරය ගොණු කර පරීක්ෂණ අවසන් කිරීමට උත්සහ කරන බවත් විපක්ෂය පාස්කු ප්‍රහාරය ගැන සාක්ෂි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බවත් රජයට තියෙන්නේ එම සාක්ෂි හරහා පරීක්ෂණ සිදුකිරීමට බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

සහරාන් මැරුණේ සහරාන්ගේ අන්තවාදීකම නිසා වන ආතර අන්‍යාගමිකයින් විදේශිකයින් ඇතුළු පිරිස් පණිවිඩයක් දීමට ඔහුට අවශ්‍ය වූ බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

සහරාන් එවැනි සැලසුමක් සහිතව ඉදිරියට යන විට සහරාන්ව ඉක්මන් කර ජනාධිපතිවරණය එන අවුරුද්දේ මේ ප්‍රහාරය දියත් කිරීමට යාම අදිසි හස්තයක් ක්‍රියාත්මක වී ඇති බවයි ඔහු කියා සිටින්නේ.

‘‘අවුරුදු 4 ක් ගිහිල්ලත් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුවෙලා නෑ. ඒ තුළින් ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා. ඒ සඳහා විසදුම් ලබාදෙන්න තමයි පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී පාස්කු ප්‍රහාරය පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කළේ.

මේ යෝජනාව ඉදිරිපත් කිරීම තුළින් සිදුකරන්න කටයුතු කළේ මළ මිනී නැගිටවලා නැවත රට ගද ගස්සන්න උස්තහ කරන බව පාර්ලිමේන්තුවේ සමහර පිරිස් කියනවා.

පොහොට්ටුවේ බත් බැලයන්ට පාස්කු ප්‍රහාරයෙන් මියගිය පිරිස් මල මීනි වුණත් ඒ මියගිය සියලුදෙනා අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ග දුවෙක් පුතෙක්. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇත්ත හෙළිදරව් වෙනකම් අපි ඒ වෙනුවෙන් පෙනී සිටිනවා.

පාර්ලිමේන්තුවේ දවස් දෙකක් කාලය කා දමා සල්ලි නාස්ති කළ බව පොහොට්ටුවේ කණ්ඩායම් තර්ක කරනවා. රොත්තක් ගියා එක්සත් ජාතීන්ගේ සමුලුවට ඒවගෙන් වන මුදල් නාස්තිය ගැන කතා කරන්නේ නෑ. විශාල ඇමැති මණ්ඩලයක් පත් කරලා. තවත් ඇමැතිවරු දාලා වියදම් වැඩි කරන්න යනකොට ඒ ගැන කතා කරන්නේ නෑ.

අවුරුදු 4 කට වැඩි කාලයක් ඇත්ත යට ගහගෙන ඉන්න පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉටු කරන්න ඕන කියලා අපි පාර්ලිමේන්තුවේ කතා කරන කොට තමයි මෙයාලට ඇහැරිලා තියෙන්නේ.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විවාදයේදී කියනවා සිංහල නායකයෙක් වෙනුවෙන් සහරාන් මරාගෙන මැරෙණ බෝම්බ ප්‍රහාර එල්ල කළේ ඇයි කියලා තර්ක කරනවා.

සහරාන් මැරුණේ සහරාන්ගේ අන්තවාදීකම නිසා. සහරාන්ට ඕන වුනා අන්‍යාගමිකයින් විදේශිකයින් ඇතුළු පිරිස් පණිවිඩයක් දෙන්න. නමුත් සහරාන් එවැනි සැලසුමක් සහිතව ඉදිරියට යනකොට සහරාන්ව ඉක්මන් කරලා ජනාධිපතිවරණය එන අවුරුද්දේ මේ ප්‍රහාරය දියත් කරන්න යම් කිසි හස්තයක් ක්‍රියාත්මක වෙලා තියෙනවා.

සහරාන්ට රැකවරණයක් දීලා සහරාන්ව ආරක්ෂක අංශ වලට හසු නොවෙන්න යම් යම් ක්‍රියාවන් සිදුකළාද කියලා අපට ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා.

සහරාන්ට සැලසුම් සහහත ප්‍රහාරයක් දියත් කරන්න අධි බලැති පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරන්න සහරාන්ට එල්ල කරන්න තිබුණ ප්‍රහාරයට වඩා බලගතු ප්‍රහාරයක් වගේම විවිධ ඉලක්ක වලට ප්‍රහාර එල්ල කරන්න යම් කිසිකෙනෙක් උදව් කරලා තියෙනවද කියන එක ප්‍රශ්නයක් වෙලා තියෙනවා.

රජය බේර ගන්න පාස්කු ප්‍රහාරයේ විමර්ශන යට ගහන්න පැහැදිලිව පොහොට්ටුවේ පිරිසක් කටයුතු කළා.

පාස්කු ප්‍රහාරයට කලින් පළාත් පාලන ඡන්දය දිනලා තිබුණේ කියලා පොහොට්ටුව කියනවා. ඒ නිසා මෙවැනි ප්‍රහාරයක් කරන්න උවමනාවක් නෑ කියලා පොහොට්ටුව තර්ක කරනවා.

පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුවට සියයට 50 ක් තිබුණේ නෑ. ජනාධිපතිවරයෙක් පත් කර ගන්න සියයට 50 ඉලක්කයට යන්න ඕනි කියලා සියලු දෙනාම දන්න කාරණයක්.ඒ පරමාර්ථය සඳහා මේ ප්‍රහාරය සිදුකළා දෝ කියන සැකය ලංකාවේ ජනතාව තුළ තිබෙනවා.

මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන එක පැත්තකින් තියලා. ඔවුන් ප්‍රශ්න කරන්නේ පාර්ලිමේන්තු විවාදයට මෙච්චර මුදල් නාස්තු කරන්නේ අපරාදේ , සිංහල බෞද්ධ නායකයින්ට සහරාන් උදව් කරයිද , අපි ඡන්දයෙන් දිනලා හිටියේ කියලා තර්ක දාලා මේ ප්‍රහාරයේ වගකීමෙන් බේරෙන්න බෑ.

ජනාධිපති විමර්ශන කොමිසම සහ අනෙකුත් වාර්තා අධ්‍යනය කරලා සමගි ජන බලවේගය ප්‍රශ්න ගණනාවක් රජයට දැම්මා. සාක්ෂි තිබෙනකොට ඇයි ඒ පිිළිබද විමර්ශනය කරන්නේ නැත්තේත කියලා.

අබුහින්ද් කියන කෙනා සහරාන් සමඟ සම්බන්ධ වෙලා සහරාන්ව හැසුරුවේ කොහොමද කටයුතු කළේ , කුමක්ද තියෙන සම්බන්ධය කියලා රජයෙන් ඇහුවා. රජය අවසානයේ ප්‍රශාක කළේ අබුහින්ද් කියන්නේ විදේශ බුද්ධි සේවාවක් කියලා.

පාස්කු ප්‍රහාරය පිළිබද ප්‍රථම සහ වැදගත්ම අනතුරු ඇගවීම ආවේ ඉන්දියාවෙන්. ඇයි ඉන්දියාවේ අගමැතිගෙන් මේ සම්බන්ධව තොරතුරු ගන්න බැරි. මේ ප්‍රහාරය පිළිබඳ තොරතුරු කොහොමද ඉන්දියාවට ලැබුණේ. කොහොමද ඒවා ලංකාවට එව්වේ. සහරාන් පිලිබද තොරතුරු තියෙනවද කියලා පාර්ලිමෙන්තුව තුළ කටයුතු කරනනොට ඇයි රජය නිහඩව ඉන්නේ.

සාරා ජස්මින් කියන කාන්තාවගේ ඩි එන් ඒ පරීක්ෂණ 3 ක් කරාට පස්සේ කියනවා සාරා මැරුණා කියලා. අයි පී අබුබකර් මේ සිදුවීම් සියල්ල වෙලා අසරණ වෙලා දැන් තැබිලි කපනවා කියලා කියනවා. ඒවා මාධ්‍යට හොද කදුලු කතා. අබුබකර්ට අසාධාරණයක් වුණානම් ඒ මනුස්සයාට වන්දි ගෙවලා පොලිසියට ගන්න එපැයි.

ඒ මනුස්සයාට විරුද්ධව සාක්ෂි දුන්න සියලු දෙනා නීතියට ගේනන ඕන. තමන්ගේ පරමාර්ථ ඉටු කරන්න යම් යම් සිද්ධි පාර්ලිමේන්තුව නොවග යවන ආකාරයට ඉදිරිපත් කරන්න කටයුතු කරන්න එපා.

සොනික් සොනික් කියන්නේ බුද්ධි අංශ සාමාජිකයෙන් කියලා පිලිගත්තා. සොනික් සොනික් පාස්කු ප්‍රහාරය අයි එස් අයි එස් සංවිධානය පිට පටවන්න කටයුතු කළාද කියලා පරීක්ෂණ කරලා රටට හෙළි කරන්න ඕන. රටේ බුද්ධි අංශ අන්තවාදීන් ලෙස පෙනී සිට තොරතුරු ගත්තාට ප්‍රශ්නයක් නෑ. නමුත් ඒ තොරතුරු අරගෙන රටේ ජනතාවට එල්ල වන ප්‍රහාරය වළක්වන එක තමයි බුද්ධි අංශ වල ප්‍රධාන කටයුත්ත. නැති අයි එස් අයි එස් එකක් පිට මේ සිද්ධිය පටවන එක නෙවෙයි. ඒ පිළිබඳව හරි උත්තරයක් රජයෙන් බලාපොරොත්තු වෙනවා.

ජමිල් කියන බෝම්බ කරුවා ගැන අපි පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා. චැනල් 4 නාලිකාව පිළිබඳ විමර්ශනය කරන්න කියලා අපි කිව්වා. ඒ විමර්ශනයෙන් පසු බලන්න පුලුවන් චැන්ල් 4 විඩියෝව සත්‍යක්ද අසත්‍යක්ද කියලා. නමුත් ඒවාට හරි ප්‍රතිචාරයක් ආණ්ඩුවෙන් ලැබුණේ නෑ.

සහරාන් ඇතුළු මරාගෙන මැරුණ බෝම්බ කරුවන් දේවස්ථාන 3 ක් ඉලක්ක කර ගත්තා. හෝටල් 4 ක් ඉලක්ක කර ගත්තා. එතකොට ෂැංග්‍රිල්ලා හෝටලයට ඇයි මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙන්නෙක් ගියේ. අනිත් සියලු ඉලක්ක වලට ගියේ බෝම්බ කරුවන් එක්කෙයි. ෂැංග්‍රිල්ලා හෝටලයට සහරාන් සහ තවත් බෝම්බකරුවෙක් යාම පිළිබඳවද අපිට ප්‍රශ්නයක් මතුවෙනවා.

මෙවැනි විවිධ ප්‍රශ්න තිබෙන නිසා තමයි පාර්ලිමේන්තු විවාදයකට අපි ගියේ. දිගින් දිගටම පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ කරන්න කියලා අපි රජයෙන් ඉල්ලීම් කළා. මේ සිද්ධිය තුළින් චෝදනා ලැබූ ආරක්ෂක අංශයේ පුද්ගලයන්ට උසස් වීම් ලබාදීලා තනතුරු ලබාදීලා පාස්කු ප්‍රහාරය ගැන සාධාරණ පරීක්ෂණයක් කරන්න නොහැකි බව අපිට හැගුණ නිසා තමයි අපි කිව්වේ ජාත්‍යන්තර පරීක්ෂණයක් ලබාදෙන්න කියලා.

පාස්කු ප්‍රහාරය සිදුවුණේ පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේදී. ලබන අවුරුද්දෙත් ජනාධිපතිවරණයක් එනවා. ඒ වෙද්දි මේ ප්‍රශ්නය විසදුනේ නැත්නම් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් රට තුළ සැරිසරනවානම් ලබන අවුරුද්දේ ජනාධිපතිවරණයේදීත් රටේ ජනතාවට අනතුරක් තිබෙනවා. ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට එතකොට නැවත් ක්‍රියාත්මක වෙන්න පුලුවන්. දේශපාලන වශයෙන් බලය හුවමාරු කිරීමට ඒ පුද්ගලයින්ට කටයුතු කරන්න පුලුවන්.” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan