ඉන්දියාව ලොකු ද?

Date:

ක්‍රිකට් නෙමෙයි භූ දේශපාලනිකව ගත්තත් ඉන්දියාව ලොකුයි.ක්‍රිකට් එක්ක නෙමෙයි වෙන ක්‍රිඩා බොහොමයක් එක්ක ගත්තත් ඇත්ත මේ විදිහ තමයි.හැබැයි ශ්‍රී ලංකාව ක්‍රිකට්වලදි ඉන්දියාවට අභියෝගයක් කළ හැකි මට්ටමක ඉන්නවා.එහෙම විශ්වාසයක් සහ එහෙම කරපු අවස්ථා බොහොමයකදි ඉන්දියාවට වඩා බොහෝ විශාල ක්‍රිකට් ක්‍රිඩාවක් ලංකාව සතුව තිබෙන බව සහතික කරපු අවස්ථාත් තියෙනවා.

නමුත් මේ මෑතක සිට ඉන්දියාවේ ලොකුකම ගැන හිතෙන සහ දැනෙන එක ක්‍රිකට්වලටක් බෝවෙලා ද කියලා හිතෙනවා.මූල්‍යමය වශයෙන් ගත්තම මේ වන විට ඉන්දියාව ක්‍රිකට් ලෝකයේ සුවිශාලම බලවතා.ඒ බගය ඉදිරියේ අන් රටවල නමන ක්‍රිකට් පිට්ටනියෙ නැමෙන තත්ත්වයට ඒමනම් ක්‍රිකට් හි ආකර්ශණය සොඳුරු පෙණුම විනාශ කරන එකක් වෙන්න පුළුවන්.කොහොම හරි ආසියානු ක්‍රිඩා උළෙලෙ ක්‍රිකට් කාන්තා රන් පදක්කම ඉන්දියාවට අරගෙන යන්න ඉන්දීය ක්‍රිඩිකාවන්ට හැකි වුණා.

නමුත් ඒ තරගයේ පන්දු යැවීමෙන් තමන්ගේ අණසකට ඉන්දියාව යටත් කරගන්න ශ්‍රී ලංකාව සමත් වුණා.පිළිතුරු ඉණිමෙදි ශ්‍රී ලංකාවට අභිබවා යන්නට තිබුණෙ ලකුණු 117 ක් වූ ලකුණු ප්‍රමාණයක්.ඉන්දියාව පන්දු ඕවර් 20 තුළ ලකුණු 117 ට සීමා කිරීමෙන් නොනැවතුණු ශ්‍රී ලංකා පන්දු යවන්නියන් කඩුලු හතක්ම දවා ගත්තා.ඇතැම් අවස්ථාවක ශ්‍රී ලංකාවේ කඩුලු රකින්නිය මහේන්ද්‍ර සිං දෝනිට සම කරන මට්ටමෙන් නැත්නම් යා කරන මට්ටමෙන් අදහස් පළ වුණා.ඇය මේ කඩුලු හතෙන් හතරක්ම දවා ගන්නට දායක වුණා.නමුත් ශ්‍රී ලංකාව මේ පහසු ඉලක්කය අපහසු කර ගත්තා.විශේෂයෙන් චමරි අතපත්තුගේ පිතිහරඹය මත ගොඩ නැඟෙන ශ්‍රී ලංකා ඉණිම ආරම්භයේදීම වේගවත් කිරීමට චමරි අතපත්තු ගන්නා උත්සාහය තුළම ඇයව කොටු කර ගන්නට ඉන්දීය ක්‍රීඩිකාවන් ගත් උත්සාහයට චමරි හසු වුණා.

ඉන් අනතුරුව මෑතක සිට සුවිශේෂි වර්ධනයක් පෙන්වන හසිනි පෙරේරා සහ නිලක්ෂි ද සිල්වා සැළකිය යුතු උත්සාහයක් ගත්ත ද සෙසු පිතිකාරිණියන්ට සාර්ථක වීම අපහසු වුණා.එහිදී කුමන හේතුවක් නිසා හෝ මෑථ කාලයේ සාර්ථකම සකසුරුවම් පිතිකාරිණිය වන හර්ෂිතා සමරවික්‍රම අවසාන තරගයට ක්‍රිඩා කළ කණ්ඩායමේ නොසිටීම තදින් දැණුනා.ඇය මෙන් පරිස්සමට සහ වේගවත් විය හැකි සංකලනයක් සහිත පිතිකාරිණියක් නැති වීම විශාල ගැටළුවක්ව දැණුනා.ඒ නිසා පන්දු ඕවර 20 නිමා වන විට ඉන්දියානු ලකුණු 117 වෙනුවට ශ්‍රී ලංකා ලකුණු පූවරුව කඩුලු 8 ක් දැවී ලකුණු 97 නැවතී තිබුණා.සමහර විට ඉන්දියාවේ ලෙකුකම ගැන ඇති හඟීමෙන් තෙරපෙන පොඩිකමක් මේ පරාජය පසුපස තියෙනවා විය හැකියි.සමහර ක්‍රිකට් විශාරදයන් කියන ආකාරයට චීනයනම් ඉන්දියාවට දිනන්නට තණතීරු හදා ලංකාව පරාජය නොකරන්නට ඇති බවත් අප විශ්වාස කරනවා.ලකුණු පූවරුවට පහතින් පිවිසෙන්න.https://www.espncricinfo.com/series/asian-games-women-s-cricket-competition-2023-1398686/india-women-vs-sri-lanka-women-final-1399062/full-scorecard

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...