පසුගිය වසරට සාපේක්ෂව රටේ තත්ත්වය බෙහෙවින් යහපත් – අලි සබ්රි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ANI ප්‍රවෘත්ති ඒජන්සිය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්, විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ඉන්දියාව වේගයෙන්ම වර්ධනය වන විශාලතම ආර්ථිකයන්ගෙන් එකක් බව අවධාරණය කරයි.

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කරන්නේ, විශේෂයෙන්ම විදුලිය, පුනර්ජනනීය බලශක්තිය, සංචාරක සහ වරාය නැව් සම්බන්ධතා යන ක්ෂේත්‍රවල ඉන්දියාව සමග සමීප සබඳතා ඇති කර ගැනීමට තම රට බලා සිටින බවයි.ඔහු පවසන්නේ, ඉන්දියාව වර්ධනය වෙමින් පවතින වන අතර එම වර්ධන මාවත ඉතා වැදගත් බවත් ඒ සමග එක්ව කලාපය වර්ධනය විය යුතු බවයි.

විදේශ අමාත්‍යවරයා එම සාකච්ඡාවේදී තවදුරටත් පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ සෞභාග්‍යය, සාමය, සහජීවනය සහිත යහපත් කලාපයක් බවත්, ඒ අනුව අපට අවශ්‍ය වන්නේ යහපත් සහ සමෘද්ධිමත් අසල්වැසියෙකු බවත්ය.තම රටේ වත්මන් තත්ත්වය සහ ඉන්දියාවේ සහය පිළිබඳව කතා කළ අලි සබ්රි මහතා පසුගිය වසරට සාපේක්ෂව තත්ත්වය බෙහෙවින් යහපත් වෙමින් පවතින බව කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Wanderlust Wednesday: නරඹන්න! සුන්දර ඇල්ල ප්‍රදේශයේ අලංකාරය! Exploring the Enchanting Beauty of Ella, Sri Lanka

සෑම බඳාදා දිනකම “Wanderlust Wednesday” තුළින් ඔබට ලස්සන තැන්,...

අනුරටත් නෑ ප්‍රධාන විපක්ෂෙටත් නෑ.ඊළඟ පාර නාමල්ට තමයි!

කොළඹ LNW:මීට පෙර නොදුට්‍රු අන්දමට ඊළඟ ජනාධිපති සම්බන්ධයෙන් විශාල...

රුසියාව සෙලවෙයි! හවායි හි ඉවත් කිරීමේ නියෝගත් ඉවතට!

සටහන – පුලී ජූලි 30, කොළඹ (LNW):  ඉතිහාසයේ දරුණුතම භූමිකම්පාවක්...

යුද හමුදාපති ලසන්ත රොද්‍රිගෝට ජනපතිගෙන් සේවා දිගුවක්

සටහන - රුවන් නෙළුගොල්ල යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ...