නව තාක්ෂණ සමඟ මාධ්‍යෙව්දීන්ගේ ධාරිතා සංවර්ධන වැඩසටහන් රැසක්!

Date:

කොළඹ LNW: නව තාක්ෂණයට සමගාමීව මාධ්‍යවේදීන්ගේ ධාරිතා සංවර්ධන වැඩසටහන් රැසක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් ඉදිරි වර්ෂයේදී දියත් කරන බව එම දෙපාර්තේමන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර මහතා පැවසුවේය.

කෘතිම බුද්ධිය ඇතුළුව නූතන තාක්ෂණීක සමාජය අත්කර ඇති දියුණුවට සාපේක්ෂව මාධ්‍යෙව්දීන්ගේ හැකියාවන්ද වර්ධනය විය යුතු බැවින් පුහුණු පාඨමාලා සහ වැඩමුළු පවත්වන බව ද ඒ මහතා සඳහන් කළේය.

රජයේ ප්‍රවෘත්ති අධක්ෂ ජනරාල්වරයා මෙම අදහස් පළ කරන ලද්දේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධාන කරන ලද ඇසි දිසි පියවර මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය වැඩමුළුවට සහභාගීවෙමිනි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමේදී කළ ප්‍රකාශයට අනුව ඩිජිටල් හා කෘතිම බුද්ධියට අදාල වූ ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියේදී ක්‍රියාත්මක වන බව කී ඒ මහතා ඊට සමගාමීව මාධ්‍යවේදීන් සඳහා ඩිජිටල් උපකරණවලට පිවිසීම, ඩිජිටල් උපකරණ භාවිතයට අදාල දැනුම ලබා දීම සහ එම තාක්ෂණයට ප්‍රවේශවීමට ඇති බාධා ඉවත් කිරීම ඉදිරි වර්ෂයේදී සිදුවන බව ද සඳහන් කළේය.

තරුණ තරුණියන් මාධ්‍යකරණයට පිවිසීමේ අඩුවක් පෙන්නුම් කරන බවත් දැනට ක්‍රියාකාරී මාධ්‍යෙව්දීන්ගේ හැකියාවන් වර්ධනය කිරීම මගින් මාධ්‍ය ක්ෂේත්‍රෙයේ මතුවන අඩුලුහුඩුකම් මඟ හරවා ගත හැකි බවත් හෙතෙම පැවසුවේය. මාධ්‍යෙව්දීන්ගේ කුසලතා වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය මගින් පාඨමාලා කිහිපයක් පැවැත්වීම සම්බන්ධයෙන් දැනටමත් සාකච්ඡා කළ බවත් නුදුරේදීම එම පාඨමාලා දියත් කරන බව ඔහු කීවේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඉදිරි වර්ෂයේදි පවත්වන මාධ්‍ය වැඩමුළු කෘතිම බුද්ධිය හා තාක්ෂණය සමඟ ඒකාබද්ධ වූ පුහුණු වැඩසටහන් බවට පරිවර්තනය කර ගන්නා බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න පෙරේරා, ජනපති මාධ්‍ය උපදේශක චන්දන සූරිය බණ්ඩාර, එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර යාපා, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ අයි.පී.තිලකරත්න, මහනුවර දිස්ත්‍රික් ප්‍රවෘත්ති නිලධාරී තනූජ කේ. අබේසේකර යන මහත්වරු ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවිය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...