ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ සභාව අමතන විට රාජ්‍යතාන්ත්‍රිකයන් අසුන්වලින් නැගිට පිටව යයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

සැප්තැම්බර් 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊයේ(26)දිනය ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ 80වන මහා මණ්ඩලය අමතමින් සිටියදී ඔහුගේ කතාවට විරෝධය පළකරමින් රටවල් 50කට වැඩි ප්‍රමාණයකින් සම්බන්ධ වූ රාජ්‍යතාන්ත්‍රිකයන් 100 කට අධික සංඛ්‍යාවක් සිය අසුන් වලින් නැගිට ශාලාවෙන් පිටව එම කතාව වර්ජනය කර ඇති බව වාර්තා වේ.

කෙසේ නමුත්, සභාව අමතමින් බටහිර රටවල් මෑතකදී පලස්තීන රාජ්‍යත්වය පිළිගැනීම සම්බන්ධයෙන් දැඩි ලෙස විවේචනය කළ නෙතන්යාහු පක්ෂග්‍රාහී මාධ්‍ය, රැඩිකල් ඉස්ලාමීය ඡන්දදායකයින් සහ යුදෙව් විරෝධී මැර කල්ලිවල පීඩනය යටතේ යුරෝපා ජාතින්ගේ නැමෙනසුලු ස්වභාවය දැඩිව විවේචනය කර තිබිණි.

මෙහිදී වසර දෙකකට ආසන්න කාලයක් පුරා පැවති ගාසා තීරයේ ඊශ්‍රායලයේ යුද්ධය ඊශ්‍රායලයට එරෙහි දේශපාලනික සහ නීතිමය යුද්ධයක් ලෙස වර්ධනය වන ගෝලීය විවේචන ප්‍රතික්ෂේප කළ ඊශ්‍රායල අග්‍රාමාත්‍යතුමා එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193 න් ප්‍රංශය, බ්‍රිතාන්‍යය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ අනෙකුත් යුරෝපීය රටවල් 157ක් පලස්තීන රාජ්‍යයක් පිළිගනිම ලැජ්ජා සහගත සහ නින්දිත ලෙස සඳහන් කර තිබිණි.

හමාස් සංවිධානය විසින් 2022 ඔක්තෝබර් 7 වන දින සංහාරය සිදු කළ සහ සහාය දුන් නොඉවසන උන්මත්තකයන්ට අවසාන විපාකය ලබා දෙන බවත්, ඉතිරි ප්‍රාණ ඇපකරුවන් 48 දෙනාම නිදහස් නොකළහොත්, ඊශ්‍රායලය ඔබව දඩයම් කරනු ඇති බවත් මෙහිදී ප්‍රකාශ කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඖෂධවල උපරිම මිල ක්‍රියාත්මක දැයි සොයා දිවයින පුරා විමර්ශන!

කොළඹ LNW: උපරිම සිල්ලර මිල නියම කළ ඖෂධ වර්ග...

ටේප්බෝල්වලින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ සංචාරක කර්මාන්තයෙන් ටේප්බෝල් ප්‍රවර්ධනය

නිශ්මං රණසිංහ නොවැම්බර් 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය...

වී වගාවට තවත් රක්‍ෂනාවරණයක්!

කොළඹ LNW:බිත්තර වී නිෂ්පාදනය දිරිමත් කිරීම තුළින් ගොවියා වගාව...