අමෙරිකානු ජනපති සහ ජනපති අනුර අතර සුවිශේෂී හමුවක්!

0
174

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27 කොළඹ LNW :

පසුගිය දා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණ සිටි රාජ්‍ය නායකයන් වෙනුවෙන් අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් පසුගිය 23 වැනිදා පිරිනමන ලදී.

ඒ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද සහභාගි වූ බව වාර්තා විය. 

එම අවස්තාවේදී ජනාධිපතිවරයා සහ අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හමු වී තිබෙන අතර ඔවුන් දෙදෙනා සුහද කථා බහකද නිරත වී තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ.