බදු ගෙවන්නන් සඳහා වන විශේෂ දැනුම් දීමක්!

කොළඹ LNW:2024/2025 තක්සේරු වර්ෂය සඳහා අවසාන ආදායම් බදු ගෙවීම් එළැඹෙන සැප්තැම්බර් 30 හෝ ඊට පෙර සිදුකරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සියලුම බදු ගෙවන්නන්ට දනුම් දෙයි.

මෙම නියෝගය පුද්ගලයන්ට අමතරව සමාගම්, සංස්ථා, හවුල් ව්‍යපාර සහ අනෙකුත් ලියාපදිංචි ආයතන සඳහා අදාළ වන අතර ගෙවීම් පත්‍රිකා ලැබෙන තුරු බලා නොසිට නියමිත බදු මුදල මාර්ගගත බදු ගෙවීම් පහසුකම (OTPP) මගින් ලංකා බැංකුවේ ඕනෑම ශාඛාවකින් සිදුකළ හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රමාදයන් හෝ අතපසු වූ ගෙවීම් වෙනුවෙන් පොලී සහ දඩ මුදල් අයකරන හෙයින් භෞතික ගෙවීම් පත්‍රිකා සඳහා රැඳී නොසිටින ලෙසද දැනුම් දෙයි.

තවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සියලුම බදු ගෙවන්නන්ට දැනුම් දී සිටින්නේ, එමෙන්ම බදු නොගෙවීම හෝ ප්‍රමාදවී ගෙවීම් සඳහා පනවනු ලබන දඩ සහ පොළී කිසිදුවිටක ඉවත්කිරීම හෝ අඩු කිරීම සිදු නොකරන බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සියලුම බදු ගෙවන්නන්ට තවදුරටත් දැනුම් දී සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...

TIN අංකය අනිවාර්ය කිරීමේ නව නීති

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ දේශීය...

දත්ත අවියක් කර ගැනීම : මැතිවරණවල නීත්‍යානුකූලභාවය නැති කිරීමට ව්‍යාජ දත්ත භාවිත වන ආකාරය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : නූතන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය...

තුන්කොන් සටනේ අවසන් මහා තරගය: පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අද තරඟ බිමට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඉංගලන්තය, පාකිස්තානය සහ...