*
Friday, September 27, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකා ලලනාවන් කිරුළ රැක ගැනීමේ සටනේ පෙරට

ශ්‍රී ලංකා පැසි පන්දු කණ්ඩායම මාල දිවයිනේ පැවත්වෙන දෙවන දකුණු ආසියාතික කාන්තා පැසි පන්දු තරගාවලියේ පළමු තරගයෙන් පහසු ජයක් අත් කර ගත්තාය.පළමු තරගාවලියේ සූරියන් ලෙස කිරුළ රැක ගැනීමේ අභියෝගයට ඉදිරිපත් වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගයේදී භූතානයට එරෙහිව ලකුණු 98 = 33 ක් ලෙස ජයග්‍රහණය ලබා ගත්තේය.

නමුත් තරගයේ මුල් අර්ධය නිමා වූයේ ලකුණු 39 – 17 ක් ලෙස ය.එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරම් උස නොවුණ ද භූතාන ආරක්ෂාව දැඩිව ක්‍රියාත්මක වූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතින්ද පන්දුව පැසට යොමු කිරීමේ දුර්වලතා මෙන්ම රිබවුන්ස් අවස්ථාවන් ආවරණය කිරිමේ දුර්වලතා ද ප්‍රදර්ශණය විය.
නමුත් දෙවන අර්ධයේදී ශ්‍රී ලංකාව ලකුණු 59 ක් ලබා ගනිමින් භූතානයේ ලකුණු ලබා ගැනීම ලකුණු 16 ට සීමා කරන්නට ද සමත්වෙමින් තමන් දකුණු ආසියානු සූරියන් බව පසක් කරන්නට සමත් විය.නමුත් 2016 දී පළමු වරට ශ්‍රී ලංකාව දකුණු ආසියාතික සූරතාවය දිනා ගන්නා මොහොතේ දී ඔවුන් භූතානයට එරෙහිව ලබා ගත් ජයග්‍රහණය 112 – 31 ක් විය.ඒ ආකාරයෙන් බලන විට ශ්‍රී ලංකාව ලකුණු ලබා ගැනීම අතින් පසු පසටද භූතානය ලකුණු ලබා ගැනීම සහ වැළක්විම අතින් ඉදිරියට ද ගොස් ඇත.සාමාන්‍යයෙන් ක්‍රීඩාවකදී ප්‍රතිපලය ඒ මොහොතට සාපේක්ෂ එකක් වන අතර භූතානයට එරෙහිව ලැබූ ජය අවතක්සේරු නොකළ යුතුය.නමුත් ඉදිරියට යාමටනම් පරාජය පමණක් නොව ජයග්‍රහණයේ අඩු වැඩිවීම් ද රටක ක්‍රීඩාවට අතිශයින් වැදගත්ය.

2016 ක්‍රීඩා කළ කණ්ඩායම් වෙනස් වී ඇති අතර ඒ වෙනස්වීම් සමඟ ක්‍රීඩාව දියුණු වීමේදී භූතානයට වඩා සෙමින් එය සිඳුවන බවට ලකුණු කිහිපයක වෙනස්කම් ගෙන විශාල විචාරයක් අවශ්‍යයතාවය නොවන අතර පැසි පන්දු පරිපාලනයට සුළු හෝ පහත වැටීමක් සිඳු වී ඇත්නම් එය සොයා නිසි ප්‍රතිකර්ම කිරීමට මේ ලකුණු සටහන විශාල මඟ පෙන්වීමක් විය යුතුය.

ශ්‍රී ලංකාව අද පළමු තරඟාවලියේ අනු සූරියන් වූ නේපාලය සමඟ තරඟ බිමට පිවිසෙයි.නේපාලය මේ තරගාවලියේදී සිය පළමු තරගය සත්කාරක මාල දිවයින ඉදිරියේ පරාජය විය.ඉකුත් තරගාවලියේදී ලකුණු 77 – 36 ක් ලෙස නේපාලය ඉදිරියේ පරාජය වූ මාල දිවයින මෙවර නේපාලය ලකුණු 51 – 47 ට පරාජය කරන්නට තරම් සිය දක්ෂතා ඉදිරියට ගෙන ඇත.

ඉකුත් තරගාවලියේ නේපාලය ශ්‍රී ලංකාව ඉදිරියේ පරාජය වී ඇත්තේ ලකුණු 75 – 49 ක් ලෙස ය.මේ වන විට නේපාලය ඊට වඩා ශ්‍රී ලංකාවට තර්ජනයක් විය හැකි මට්ටමට වර්ධනය වි ඇතිනම් ශ්‍රී ලංකාව මෙම තරගය ජය ගත්තත් මාල දිවයින් ගැන වඩාත් කල්පනාකාරීවීම වැදගත්ය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan