ලංකාවට පාර්සල් එවීමේදී ලියාපදිංචි නොවූ ඒජන්සි හරහා එවන්න එපා – රේගුවෙන් විදෙස් ශ්‍රමිකයන්ට නිවේදනයක්!

Date:

ශ්‍රී ලංකාවට පාර්සල් එවීමේදී ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවූ ඒජන්සි හරහා එම පාර්සල් එවීමෙන් වැළකී සිටින ලෙස ශ්‍රී ලංකා රේගුව පවසයි.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට නිවේදනයක් නිකුත් කරමින් රේගුව අවධාරණය කරන්නේ, ශ්‍රී ලංකාවට පාර්සල් එවීමේදී රේගු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වූ ඒජන්සි හරහා පමණක් එම පාර්සල් එවන ලෙසයි.

මෙරටට එවන ලද පාර්සල් බොහොමයක් නැතිවී හෝ ලැබෙන විට පළුදු වී ඇති බවට පැමිණිලි ගණනාවක් ලැබී ඇති බවත්, මේ පිළිබඳව දියත්කරන ලද විමර්ශනයකින් අනාවරණය වී ඇත්තේ එකී පාර්සල් ලංකාවට එවා තිබෙන්නේ රේගු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවූ ඒජන්සි හරහා බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

එබැවින්, මෙරටට පාර්සල් එවීමේදී දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වූ ඒජන්සි හරහා පමණක් එවන මෙන් සියලු විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ඉල්ලා සිටින බව රේගුව පවසයි.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...