අද දින විදුලි කප්පාදුව පැය 03 දක්වා ඉහළට!

අද (27) දින විදුලි කප්පාදුව පැය 03ක් දක්වා ඉහළ දැමීමට සිදුවනු ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ 03 ඒකකය වසා දැමීමට සිදුවීම මත මෙම තීරණය ගැනීමට සිදුවූ බවයි එම කොමිසමේ සභාපතිවරයා පවසා සිටින්නේ.

මේ අතර, බලශක්ති අමාත්‍ය කන්චන විජේසේකර මහතා අද දින ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා සිටියේ විදුලි උත්පාදනය පවත්වා ගැනීම සඳහා පෞද්ගලික බලාගාර වලින් විදුලිය මිලදී ගැනීමට මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දුන් බවයි.

තව ද, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මේ සඳහා අවශ්‍ය දැවිතෙල් සැපයීමට ද එකඟ වූ බව අමාත්‍යවරයා සිය ට්විටර් පණිවිඩය හරහා පවසා සිටියේය.

වාශ්ප කාන්දු වීමක් මත නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ වසා දැමූ ඒකකය යළි විවෘත කිරීමට දින 03 – 05 පමණ ගතවනු ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...