මධ්‍යම පළාතේ පාසල්වල ප්‍රාථමික දරුවන්ගේ සාධනීය තත්ත්වය ප්‍රශස්ථ මට්ටමට පත් වී නැතැයි අධ්‍යාපන අමාත්‍යංශයෙන් අනාවරණයක්

Date:

නදීක දයා බණ්ඩාර – මහනුවර

මධ්‍යම පළාත් පාසල් ළමුන්ගෙන් හතර පහ වසර පන්ති වල දරුවන්ගේ සාක්ෂරතා මට්ටම සාධනීය තත්ත්වයක ඇත්තේ සියයට තුනක දරුවන් පිරිසකගේ පමණක් බවට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශය අනාවරණය කර ගෙන තිබේ.

කොවීඩ් වසංගතය පැවැති සමයේ පළමු වසරට ඇතුළත් වූ දරුවන් සඳහා ප්‍රායෝගිකව අකුරු ඉගැන්වීම ඇතුලු මූලික ප්‍රාථමික අධ්‍යාපනය ලබාදීමට නොහැකිවීම ඊට ප්‍රධාන හේතුවක් යැයි මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මේනක හේරත් මහතා පැවසීය.
ප්‍රාථමික අංශයේ පමණක් නොව 6 සිට 11 වසර තෙක් දරුවන්ගේ සාක්ෂරතා මට්ටම් මැන බලා ඔවුන්ගේ සාක්ෂරතාවය ඉහළ නැංවීම පිණිස ද වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇතැයි ලේකම්වරයා කියා සිටියේ ය.

මධ්‍යම පළාත් දරුවන්ගේ සාක්ෂරතාවය ඉහළ නැංවීම සඳහා ලෝක බැංකු ආධාර යටතේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යංශ ලේකම්වරයා කීවේය.
මධ්‍යම පළාත් අධ්‍යාපනය සමස්ථ අධ්‍යාපනයෙන් 07 වන ස්ථානයට පත්ව ඇති අතර අධ්‍යාපනයේ ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවීම සඳහා කෙටි, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන වැඩසටහන් දියත් කරන බව ද ඒ මහතා කීහ.

ගුරු පුරප්පාඩු විශාල හේතුවක් වන බවත් පන්දහසක් පමණ වන මධ්‍යම පළාතේ ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම අසීරු කාර්යයක් වන බැවින් මේ වන විට ස්වෙච්ඡා ගුරුවරුන් බඳවා ගැනීමේ වැඩසටහනක් ආරම්භ කොට ඇතැයි ද පළාත් අධ්‍යාපන ලේකම් මේනක හේරත් මහතා ප්‍රකාශ කළේය.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියේ රාජිත ලෙඩවෙයි: හේතු කියන්න නීතිඥවරයෙක් අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක ජූනි 02, කොළඹ LNW :  අද(2) දින හිටපු ධීවර...

චූදිතයින් කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ශානි වගේ නිලධාරීන්ව අපි රකිනවා!

කොළඹ LNW:ශානි අබේසේකර මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...