චාමිකත් එල්ලයි

Date:

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට කණ්ඩායම නම් කිරීමේදී මෙන්ම,ආසියානු තරගාවලියට කණ්ඩායම නම් කිරීමේදීත් කණ්ඩායමට ඇතුළත් නොවූ චාමික කරුණාරත්න කණ්ඩායමට නම් කර ඇති ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේම ශාරිරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් තිබෙන ගැටළු සළකා සංචිතයට එක් කිරීමට තීරණය කර ඇත.මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ක්‍රීඩකයින් කිහිප දෙනෙකුටම වඩා දක්ෂතා දත්ත සළකා බැලීමේදී කණ්ඩායමට නම් නොකළ චාමික, ඒ අයට වඩා ඉදිරියෙන් සිටීම නිසා තේරීම් ගැන ගැටළුවක් ඇති විය.


මේ තත්ත්වය සම්බන්ධයෙන් නායක දසුන් ශානක මෙන්ම තේරීම් කමිටුව ද දැඬිව විවේචනයට ලක් විණි.නමුත් චාමික කණ්ඩායමට ඇතුළත් කර ඇත්තේ ප්‍රධාන ක්‍රීඩකයින්ගේ ශාරිරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් ඇති අස්ථාවරභාවය දිගටම පැවතියහොත් පමණක් කණ්ඩායමට නම් කිරීම සඳහාය.
ලෝක කුසලාන තරගාවලියට නම් කරන ලද සම්පූර්ණ සංචිතය චාමිකත් සමඟ පහත දැක්වෙන පරිදිය.
නායක දසුන් ශානක,උප නායක කුසල් මෙණ්ඩිස්,කුසල් පෙරේරා,පැතුම් නිශ්ශංක,සදීර සමරවික්‍රම,චරිත් අසලංක,ධනංජය ද සිල්වා,දුෂාන් හේමන්ත,මහේෂ් තීක්ෂණ,දුනිත් වෙල්ලාලගේ,කසුන් රාජිත,මතීහ පතිරණ,ලහිරු කුමාර,ඩිල්ෂාන් මධුශංක සහ චාමික කරුණාරත්න.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ පුත් සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි ඝාතනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඝාතනයට ලක් වූ...

78 වැනි ජාතික නිදහස් දින සමරු උත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ (LIVE)

සටහන - රුවන් නෙළුගොල්ල 78 වැනි ජාතික නිදහස් දින සමරු...

දිවංගත හේමක ද අල්විස් මහතා ගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණය අද

පෙබරවාරි 04, කොළඹ (LNW): ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් හි නිර්මාතෘ දිවංගත...

ශ්‍රී ලංකා ක්‍රිකට් හී ටිකට් කවුන්ටරය CCC වෙත – නිදහස් දිනයේ වීවෘත වන්නේ පස්වරු 1.00 ට

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC)...