විපක්ෂෙට එකතු වෙන්න බැරි නම් අනුරටම දීලා දාන්න තියෙන්නේ – හරීන්

Date:

කොළඹ LNW:මේ මොහොතේ හෝ විපක්ෂයට එකතු වීමට නොහැකි නම් අනුරටම ඉතුරු ටිකත් දීලා දාන්න තියෙන්නේ යනුවෙන් හිටපු අමාත්‍යවරයෙකු වන එක්සත් ජාතික පක්ෂයේ හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (27) හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මල් පාරේ පිහිටි කාර්යාලයේ පැවති රැස්වීමට සහභාගී වූ අවස්ථාවේදීය.

”හැමෝම එකතු වෙන දේ තමයි හොඳම දේ. ඒක තමයි මගේ පෞද්ගලික අදහස. මේ වෙලාවෙත් එක එක කට්ටිය තමන්ගේ දේවල් ඉදිරිපත් කරනවා. ඒක ප්‍රශ්නයක්. රට වෙනුවෙන් විපක්ෂය මේ වෙලාවේ එකතු වෙන්න බැරි නම් ඕක අනුරටම දීලා දැම්මනම් හොඳයි.”

රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයෙන් සමුගැනීමට සූදානම් වන්නේද යන්න මාධ්‍යවේදියෙකු කළ විමසීමට පිළිතුරු දෙමින් හරීන් ප්‍රනාන්දු මහතා කියාසිටියේ එවැනි දෙයක් පෙනෙන්නට තිබෙන බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...

රතු ගුරු පාරේ හැන්දෑවේ ඇය යන්න ගියා මැකිලා….

දෙසැම්බර් 31, කොළඹ LNW : මෙරට නොමැකෙන මතක රැසක් ඉතිරි...

ජොන්ස්ටන්ගේ පුත්‍රයා රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය...

ක්‍රිස්මස් දූපත 2026 වර්ෂය උදා වූ පළමු රාජ්‍ය බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ක්‍රිස්මස් දූපත...