කංචනගෙන් රජයට ඉල්ලීමක්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ (LNW):

හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා රජයෙන් ඉල්ලීමක් කරයි. ඒ ඉන්ධන සඳහා පනවා ඇති බද්ද ඉවත් කරන බවට දුන් පොරොන්දුව ඉටු කරන ලෙසයි. .

ඔහු සඳහන් කරන්නේ, එමඟින් මිල සැලකිය යුතු ලෙස අඩුවනු ඇති බවයි.

ඉන්ධන සඳහා වන බද්ද ඉවත් කරන බව NPP ය මැතිවරණ රැස්වීම්වලදී සඳහන් කළ බවත්, එම අගය ලීටරයක් සඳහා රුපියල් 150 ක් ව පවතින් බවත් ඔහු සඳහන් කළේය.

දැනට පවතින නීතිමය ප්‍රතිපාදන අනුව ඉන්ධන මිල සංශෝධනය 30 වැනිදා රාත්‍රිය වන විට සිදුවිය යුතු නිසා පොරොන්දු වූ පරිදි බදු ඉවත් කර, හැකි නම් ඩීසල් ලීටරයක් ​​රුපියල් 100 කට ලබා දෙන ලෙසත් හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ජනාධිපතිවරණයට අදාළව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ නියෝගයක් මත අත්හිටුවා තිබූ පසුගිය රජය විසින් අනුමත කරන ලද සහන වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද හිටපු අමාත්‍යවරයා රජයට ස්තූතියද පළ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාඩුයි පාඩුයි පාඩුයි – මරික්කාර්ට ඔක්කොම පාඩුයි!

කොළඹ LNW:පසුගිය වසරේ ලාභ ඉපයූ රජයේ සමාගම් මේ වසරේදී...

ඇමරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව න්‍යෂ්ටික සබ්මැරීන නිශ්පාදනයෙන් ‘ඉදිරියට යාමට’ සූදානම්….

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක...

හසීනාගේ පක්ෂයේ විරෝධතා මර්දන නඩු විභාගය අවසන්වීමටත් පෙර බංග්ලාදේශයේ ප්‍රචණ්ඩත්වය යළිත්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බලයෙන් පහ කරන...

සුවසැරිය ගිලන් රථ 500ක බලඇණියක් කිරීමට සැලසුම්!

කොළඹ LNW:නවීන තාක්ෂණය මුසුකොට සුවසැරිය ගිලන් රථ බලඇණිය 500ක්...