ජනපති පොත් ප්‍රදර්ශනයට!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ (LNW):

අද (28) පෙරවරුවේ සාහිත්‍ය මාසය නිමිති කරගනිමින් 25 වන වරටත් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන  “කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය”  සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක් විය.

මෙවර පොත් ප්‍රදර්ශනය කුටි 400කින් පමණ සමන්විත වන අතර දෙස් විදෙස් පොත් ඇතුලත් කුටි කිහිපයක් නිරීක්ෂණ කළ ජනාධිපතිවරයා ප්‍රදර්ශනයට පැමිණ සිටි ජනතාව සමඟ ද කෙටි පිළිසදරක නිරතවූ අතර, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර මහතා විසින් ළමා පොත් පිළිබඳ ජාතික ප්‍රතිපතියේ කෙටුම්පත ද මෙහිදී  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාවෙත පිළිගැන්වීය.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය  වාර්ෂිකව සංවිධානය කරනු ලබන “කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය” සැප්තැම්බර් 27වන දින සිට ඔක්තෝබර් 06 වැනිදා දක්වා පෙ.ව9.00 සිට රාත්‍රි 7.00 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ප්‍රදර්ශන ශාලා පරිශ්‍රයේ දී පැවැත්වෙන අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලියනගේ අමරකිත්ති, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් උදාර දික්කුඹුර, අධ්‍යක්ෂ සමන්ති ජයසූරිය, මොරටුව විශ්වවිද්‍යාලයේ සමෝදානික නිර්මාණඅංශයේ අංශාධිපති  රුවන්දිකා සේනානායකයන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා තත්ත්වය පිළිබඳ නවතම වාර්තාව මෙන්න!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW: අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුව තිබෙන...

LPL දිග ඇරෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 02, කොළඹ LNW: හයවන ලංකා ප්‍රිමියර් ලීග්...

ආපදාවේදී ක්‍රියාත්මක වෙන්න රාජ්‍ය නිලධාරීන්ට නාමල්ගෙන් උපදෙස්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පවතින ආපදා තත්ත්වය හමුවේ රාජ්‍ය නිලධාරීන් ලෙස...

මේස පන්දු ලෝක සූරතාවලියට සිංහයා නැතත් සිංහ කෙල්ලෙක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 02, කොළඹ LNW: චීනයේ වෙන්ග්ඩු හී මේ...