ඇමරිකාවෙන් මෙරටට අඛණ්ඩ සහය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ (LNW):

අමෙරිකානු වාණිජ මණ්ඩලයේ වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමින්, ශ්‍රී ලංකාවේ සංවර්ධනය ඉලක්කකර ගනිමින් නව සෘජු විදේශ ආයෝජන රැගෙන ඒමට එක්සත් ජනපද රජය සූදානමින් සිටින බව බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චංග් මහත්මිය පවසයි.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චංග් ගේ ප්‍රධානත්වයෙන්, මෙරට අමෙරිකානු වාණිජ මණ්ඩලයේ 32වැනි වාර්ෂික මහා සභා රැස්වීම කොළඹදී පැවැත්වුණි.

මෙම අවස්ථාවට අමරිකානු වාණිජ මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටි බවද පැවසේ.