ඩඩ්ලිටත් පාලන මිල සිහිවෙලා!

කොළඹ LNW:අද (28) සිට රජයේ පාලන මිලටම සහල් නිකුත් කිරිමට තීරණය කර තිබෙන බව මහ පරිමාණ වී මෝල් හිමියන් පවසයි.

ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා ඇතුළු මහා පරිමාණ වී මමෝල් හිමියන් අද පොළොන්නරුවේදී මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව කියාසිටියේය.

මේ මොහොතේ රටේ සෑම කෙනෙක්ම කැපකිරීමක් කළ යුතු වන අතර මේ වන විට මිලදී ගෙන තිබෙන වී වලට කුමන පාඩුවක් සිදුවුවද අද සිට රජයේ පාලන මිලට සහල් වෙළෙඳපොළට නිකුත් කරන බවයි සිරිසේන මහතා පැවසුවේ.

එය එළඹෙන ජනවාරි 22 දක්වා ක්‍රියාත්මක වන අතර ඒ වන විට මහ කන්නයේ අස්වැන්න පැමිණෙන හෙයින් එම අස්වැන්න අනුව ගොවියන් ව්‍යාපාරිකයින් හා පාරිභෝගිකයින් සමඟ සාකච්ජා කර නව මිලක් තීරණය කර ගැනීමට අපේක්ෂා කරන බවයි ඔහු එහිදී තවදුරටත් සඳහන් කළේ.

රජයේ පාලන මිලට අනුව කීරි සම්බා කිලෝවක් අලෙවි කළ හැකි උපරිම මිල වන්නේ රු.260කි. සම්බා කිලෝවක් රු.230ට මිල නියම කර තිබෙන අතර නාඩු කිලෝවක පාලන මිල වන්නේ රු.220කි. එමෙන්ම රතු කැකුළු කිලෝවක පාලන මිල රු.210ක් ලෙසයි දැක්වෙන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමට පෙත්සමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු...

හූති ප්‍රහාර හමුවේ ඉහළ යන තෙල් මිල – බොරතෙල් බැරලයක් ඩොලර් 115ත් පසු කරයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සවුදි අරාබියේ බලශක්ති යටිතල පහසුකම් මත හූති...

නගර සභා සභාපතිවරයකු විසින් පහර දුන් බව පවසමින් ගරාජ් හිමිකරුවෙකු රෝහලට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කඩුගන්නාව නගර සභා...