නොසළකා හරින අතිරේක ලකුණු

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 28, කොළඹ LNW:

හ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති තරගයේදී විවිධ හේතු දක්වමින් ඇත.පරාජය වීම ගැන අපටද එවැනි හේතු දැක්වීම් ඇත.සමහර දේ ඉදරිපත් කර ද තිබේ.
එසේම මේ තරගයේදී අතිරේක ලකුණු ලබා දීම ගැන ද අදහස් දැක්වීම වැදගත්ය.ශ්‍රී ලංකාව ඉන්දියාවට ලබා දුන් අතිරේක ලකුණු ප්‍රමාණය 14 කි.ඉන් හතක් වයිඩ් පන්දුය.එම සෑම පන්දුවකටම අතිරේක පන්දුවක් සමග ලකුණක් ද එකතු වන අතර අතිරේකව වැඩිපුර යවන්නට වන පන්දුවට ලකුණු කොපමණ එකතු වෙනවාද යන්නත් වැටෙන්නේ පන්දු රැකීමේ කණ්ඩායමේ පීඩනය වැඩි කිරීමටය.


නෝ බෝල් පන්දු 2 ක් ද මේ ලකුණු 14 ට එකතු වී ඇත.නොබෝල් පන්දුව යවන අවස්ථාවේ ලකුණු 6 ක් ලබා ගත්තානම් එම පන්දුවෙන් ප්‍රතිවාදීන්ට එකතු වෙන ලකුණු ප්‍රමාණය 7 කි.අනතුරුව ඊට එකතුවෙන පන්දුවට දැවී යාමක් සිඳු කිරීමට නොහැකි වන බැවින් හිතූ හැටියට එල්ල කරන පාරකින් තවත් ලකුණු හයක් පැමිණියහොත් එක පන්දුවකින් පන්දුවට පහර දෙන කණ්ඩායමට ලකුණු 13 ක් ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේය.


ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාව ලබා දී ඇත්තේ අතිරේක ලකුණු පහකි.වයිඩ් පන්දු 4 ක් සහ සංජු සැම්සන්ගෙන් ගිලිහී ගිය පන්දුවකින් එකතු වූ එක් අතිරේක ලකුණකි.ශ්‍රී ලංකාවට එරෙහිව ලබා ගෙන ඇති පාද අතිරේක ලකුණු 5 යනු නිලකුණු පන්දු සටහන් නොවීමක්ය.එසේ බලද්දී ද ශ්‍රී ලංකාවට හිමි වූ අත්රේක ලකුණු ප්‍රමාණය එකකි.ලකුණු නොලැබුණු පන්දු ඉන්දියාව ලකුණු නොලැබූ පන්දුවලට වැඩිය.


මේ අතිරේක ලකුණු 14 සහ 5 අතර වෙනසේ කණ්ඩායම් දෙකට ලකුණු එකතු වෙන ආකාරයේ විශාල වෙනසක් විය හැකිය.එය පන්දු නවයක සහ ලකුණු නවයක වෙනසක් නොවී කළ හැකි බලපෑම විශාලය.දෙපිල යවන ලද නෝ බෝල සහ වයිඩ් පන්දුවලින් ගණන් හදාගෙන බැලුවොත් ශ්‍රී ලංකාවට වයිඩ් පන්දු 4 පදනම් කරගෙන ඒ හරහා ලකුණු 28 ක් ලබා ගැනීමට හැකිය.තව දුරටත් එම වයිඩ් පන්දු කඩුල්ලට පිටින් ගොස් කඩුලු රකින්නාට ද රැක ගන්න නොහැකිව හතරේ සීමාව දක්වා ගියහොත් ලකුණු 5 ක් අතිරේක පන්දුවට අමතරව එම වයිඩ් පන්දුවලින් කණ්ඩායමකට එක් වන්නේය.


ඒ ආකාරයට බැලුවහොත් ලංකාවේ වයිඩ් පන්දු 7 න් ඉන්දියාවට කොපමණ ලකුණු ප්‍රමාණයක් එකතු කර ගැනීමේ ඉඩ තිබේද යන්න අප කල්පනාවට ගත යුතුය.නෝබෝල් පන්දු දෙකෙන් ඊට වඩා හානියක් ඇති විය හැකිය.ඒ නිසා අතිරේක පන්දු ලැබෙන, ලකුණු හිමිවන පන්දු යැවීම්වලින් කණ්ඩායම් දෙකක ලකුණු පරතරය ඊට ලැබෙන ප්‍රතිචාරවලට සාපේක්ෂව බොහෝ දුරට වෙනස් විය හැකිය.පරාජයන් හී දී විශේෂයෙන් විස්සයි විස්ස වැනි තරග ආකෘතියක අතිරේක පන්දු යැවීමට සිඳුවීමේ හානිය සුළු නැත.ශ්‍රී ලංකාව ඉන්දීය තරගයෙන් ඒ කාරණයද උගත යුතුය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත් යුරෝපා සංගම් නියෝජිත පිරිස හමුවේ රට ගොඩ නැගීමට “ණය නොවන” සැලැස්මක් යෝජනා කරයි

දිත්වා සුළි කුණාටුවෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දෙන දැඩි...

කථානායක ජගත්ගේ පෞද්ගලික ලේකම්ට එරෙහිවත් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ පෞද්ගලික ලේකම්...

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...