රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28 කොළඹ LNW :
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තාවට අනුව , සැප්තැම්බර් මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 126,000 ඉක්මවා ඇති බව වාර්තා වේ.
ඒ අනුව, සැප්තැම්බර් මාසයේ 24 වැනි දින වන විට පැමිණ ඇති සංචාරකයින් ගණන 126,379ක් බවත්, ඉන් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් ද වේ. එම ගණන 37,179කි. දෙවැනියට වැඩිම සංචාරකයින් පිරිසක් එක්සත් රාජධානියෙන් පැමිණ ඇති අතර එම අගය 8,9.7ක් වේ.
තවද, ජර්මනියෙන් සංචාරකයින් 7,799ක්, චීනයෙන් සංචාරකයින් 7,226ක් සහ ඔස්ට්‍රේලියාවෙන් සංචාරකයින් 7,049ක් ද මෙම මාසය තුළදී මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ. 2025 වසරේ ගතවූ කාලය තුළ මෙරට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 1,692,902ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එම අධිකාරියේ වාර්තාවේ සඳහන්වන ආකාරයට, ඉන් වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එය 362,774ක් වේ . තවද, එක්සත් රාජධානියෙන් 160,078ක්, රුසියාවෙන් 121,452ක්, ජර්මනියෙන් 105,443ක් ද ලෙසින් සංචාරකයින් 2025 වසරේ එම කාලය තුළදී සංචාරය සඳහා මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.
