*
Friday, April 26, 2024
spot_img

Latest Posts

ලංකාවේ ගැටවරයන් රත්තරන් වීමේ අභියෝගය මෙවර ජය ගනියිද?

කුවේට් හී පැවත්වෙන අවුරුදු 18 න් පහළ ආසියාතික මලල ක්‍රීඩා තරගාවලිය මෙවර පැවත්වෙන්නේ සිවිවන වරටයි.සිවිවන ක්‍රීඩා උළෙල 2021 දි පැවත්විමට නියමිතව තිබුණත් එය එවර නොපැවත්වුණේ ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතය පදනම් කරගෙනයි.සිව්වන වරට පැවත්වෙන තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට අට දෙනෙක් සුදුසුකම් ලබා සිටිනවා.
මේ දක්වා ශ්‍රී ලංකාව අවුරුදු 18 න් පහළ යොවුන් තරගාවලියේදී රන් පදක්කම් 1 ක්,රිදී පදක්කම් 6 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් හිමිකර ගෙන සිටිනවා.ශ්‍රී ලංකාවට මේ පදක්කම් දිනා දීමේදී ක්‍රිඩිකාවන්ට හැකි වී ඇත්තේ පදක්කම් දෙකක් පමණක් දිනා දෙන්නට පමණක් වුවත්,එකම රන් පදක්කම මෙම තරගාවලිය 2015 දී ඇරඹි අවස්ථාවේදී හ්‍රී ලංකාවට දිනා දෙන්නේ ක්‍රීඩිකාවක්.අඹගමුව විද්‍යාලයෙන් පැමිණි යමානි දුලාංජලී මීටර් 400 කඩුලු ඉසව්වෙන් එම පදක්කම දිනා දෙනවා.

ශ්‍රී ලංකාව හොඳින්ම පදක්කම් අතර සිටි තරගාවලිය බවට පත් වුණේ මෙම තරගාවලියයි.එහිදී මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය නියෝජනය කළ දර්ශණ රාජපක්ෂ මීටර් 400 කඩුලු ඉසව්වේ රිදී පදක්කම දිනා ගන්නට සමත් වුණා.එසේම චමල් රත්නසිරි තුන් පිම්ම ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තා.ඔහු නියෝජනය කළේ මීරිගම ඩඩ්ලි සේනානායක විද්‍යාලයයි.එහිදී ගොඩකවෙල කුලරත්න විද්‍යාලයෙන් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට සුදුසුකම් ලැබූ රොෂාන් රණතුංග අද වන විට ආසියානු යොවුන් ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දුන් ක්‍රීඩකයින් අතරින් මේ වන ජාතික වාර්තාවකට උරුමකම් කියන එකම ක්‍රීඩකයා සේ සිටිනවා.ඔහු මෙම තරගාවලියේ උස පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගත්තත් අද වන විට ශ්‍රී ලංකා වාර්තාව දරන්නේ මීටර් 110 කඩුළු ඉසව්වෙන්.

වර්ථමානයේ මීටර් 800 ඉසව්වේ කැපී පෙණෙන හර්ෂ කරුණාරත්න අනාගත කාන්තා බලාපොරොත්තුවක් සේ වැඩෙමින් තිබෙන තරුෂි කරුණාරත්නගේ සොහොයුරායි.වලල ඒ රත්නායකයෙන් බිහි වූ හර්ෂ සහභාගි වන්නේ 2017 දී පැවති අවුරුදු 18 න් පහළ යොවුන් ආසියාතික තරගාවලියටයි.ඔහු එහිදී මීටර් 800 ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නවා.මෙම තරගාවලියට ගාල්ල මහින්ද විද්‍යාලය හරහා සුදුසුකම් ලබා ගත් නවෝද්‍ය සංකල්පට මීටර් 400 කඩුලු ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගන්නවා.

අවසාන වරට 2019 දී පැවති මෙම තරගාවලියේදි ශ්‍රී ලංකාවට හිමිවන්නේ රිදි පදක්කම් දෙකක් සහ එක් ලෝකඩ පදක්කමක්.එහිදී නවිශ්ක සංදේශ් රිදී පදක්කම් දෙකක් දිනා ගන්නට සමත් වෙනවා.මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට සුදුසුකම් ලබන නවිශ්ක සංදේශ් මීටර් 400 ඉසව්වේ දී රිදි පදක්කම දිනා ගැනීමෙන් අනතුරුව මෙඩ්ලි සහය තරගයේදී ද ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දෙන්නට හිරුෂ හෂේන්,ශෙනාල් මලින්ද සහ ඉසුරු කෞශලය අබේවර්ධන සමඟ දායකත්වය සපයනවා.හිරුෂ කොළඹ ශාන්ත පිතර විද්‍යාලයෙන් ද,ශෙනාල් හලාවත ශාන්ත මේරි විද්‍යාලයෙන්ද සහ ඉසුරු මතුගම ආනනද් ශාස්ත්‍රාලයෙන් මේ සංචාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට සුදුසුකම් ලබා ගෙන තිබුණා.
මෙම තරගාවලියේදි මහනුවර උසස් බාලිකා විද්‍යාලය නියෝජනය කරමින් ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට සුදුසුකම් ලැබූ අමේශා හෙට්ටිආරච්චි මීටර් 400 නඩුලු ඉසව්වෙන් තෙවන ස්ථානය ලබා ලෝකඩ පදක්කමක් දිනා ගන්නට සමත් වුණා.

මේ සමහර ක්‍රීඩක ක්‍රීඩිකාවන් අදත් අපට ක්‍රීඩා පිටියේදි දකින්නට ලැබෙනවා.සමහර ක්‍රීඩකයින් සහ ක්‍රීඩිකාවන් දකින්නට ලැබෙන්නේ නැහැ.2015 දක්වා දිවෙන මේ තරගාවලි ඉතිහාසය සළකද්දී මේ ක්‍රීඩකයින් අද එදාට වඩා ලංකාවේ ජාතික තලයට බලපෑම් කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ව සිටිය යුතු වුවත්,ඇත්ත ඊට වඩා වෙනස්.එය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වරදක්ද,එසේත් නැතිනම් පුහුණුකරුවන්ගේ වරදක්ද?ඔවුන්ව රැක බලාගන්න ජාතික වැඩ පිළිවෙලක් නොමැතිවීමේ අර්බූදයද යන්න ගැඹුරින් සාකච්ඡා කළ යුතු වුවත් ක්‍රීඩා බලධාරීන් එවැනි පරික්ෂාවන් සඳහා යොමුවීමට කාලය වැය කරන බවක් පෙනෙන්නේ නැහැ.
කෙසේ නමුත් මෙවර තරගාවලියේ නියෝජනයේ හැඩය තරමක් වෙනස්.පිටිය ඉසව් සඳහා ද සැළකිය යුතු පිරිසක් තරගාවලිය නියෝජනය කරනවා.ඒ නිසා තරගාවලියේ පදක්කම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මේ දක්වා පෙන්වා තිබූ අනන්‍යතාවය වෙනස් කිරීමට වගේම තවම්ත එකක් වි තිබෙන ශ්‍රී ලංකාවේ රන් අස්වැන්න වැඩි කිරීම සදහාත් මේ ක්‍රීඩක කණ්ඩායම වෙත අභියෝගයක් තිබෙනවා.
ඡායාරූපයේ සිටින්නේ මේ පදක්කම්ලාභින් අතරින් වර්ථමානයේ ඹීටර් 110 කඩුලු ඉසව්වේ රන් පදක්කම දරන රොෂාන් රණතුංගයි.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan