*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලාංකිකයන් 80% කටම තුන්වේල සපයා ගැනීම දැවැන්ත අර්බුදයක් – ලෝක ආහාර වැඩසටහන කියයි

ශ්‍රී ලාංකිකයන්ගෙන් බහුතරයක් දෛනිකව දැවැන්ත ආහාර අර්බුදයකට මුහුණදෙමින් සිටින බව ලෝක ආහාර වැඩසටහන පවසනවා.

ආර්ථික අර්බුදය හමුවේ සෑම පුද්ගලයන් 10 දෙනෙකුගෙන්ම 08 දෙනෙකුම ආහාර වේල් මගහැරීම, පෝෂ්‍යදායක බව අමතකර කර කුමන හෝ ආහාරයක් ලබා ගැනීම වැනි විකල්පවල ගමන් කරමින් සිටින බවයි ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙන්නේ.

නිෂ්පාදන වියදම්, ප්‍රවාහන වියදම්, ආනයන වියදම් ඉහළ යාම හේතුවෙන් දිනෙන් දිනම ආහාරවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ජනතාවගේ ආහාර මිලදී ගැනීමේ හැකියාව ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බවද එම සංවිධානය පවසනවා.

ශ්‍රී ලාංකිකයන්ගෙන් තුනෙන් එකක් ඉක්මවන ප්‍රතිශතයක් හෙවත් 37% ක් උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයකින් පෙළෙන අතර මෙම ගැටලුව සඳහා යහපත් ක්‍රියාමාර්ග නොගතහොත් තත්වය තවත් නරක අතට ගමන් කළ හැකි බවද ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙනවා.

ආහාර ගැටලුව සේම ඖෂධ ගැටලුවද ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන බරපතල අර්බුදයක් බව පෙන්වා දෙන එම සංවිධානය පවසන්නේ තමන්ට අවශ්‍ය ඖෂධ ලැබේදැයි සැළකිලිමත් වන ජනගහනය පසුගිය අගෝස්තු මාසයේදී පමණක් 42% සිට 56% දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආහාර අර්බුදය, ඖෂධ හිගය ඇතුළු ගැටලු හේතුවෙන් සාමාන්‍ය ජනතාව විඳින මානසික පීඩා ඉහළ ගොස් ඇති බවද ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙයි.

එම සංවිධානය ශ්‍රී ලාංකිකයන්ට සහනාධාර සැපයීම සඳහා වැඩපිළිවෙලක් දියත් කර ඇති අතර මේ වනවිට රටවල් කිහිපයකින් ඒ සඳහා සහයෝගය ලැබී තිබෙනවා. ශ්‍රී ලාංකිකයන් මිලියන 3.4 කට මෙම සහනාධාර හිමිවන අතර ඇමරිකානු ඩොලර් මිලියන 63 ක් ඔවුන් සඳහා වෙන්කර තිබෙනවා. මේ වනවිටත් එම මුදලින් 47% ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාව වෙත ලබා දී ඇති බවයි ලෝක ආහාර වැඩසටහන පවසන්නේ.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan