*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

පුලුවන් නම් නඩු දාන්න, උසාවිය ඉස්සරහා ඔක්කොම එළියට දානවා – ජනකගෙන් කංචනට අභියෝගයක් !

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා හෝ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තමාට එරෙහිව අධිකරණය හමුවට යනතෙක් තමා බලා සිටින බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. තමාට එරෙහිව නඩු දැමුවහොත් අධිකරණය හමුවේ බොහෝ තොරතුරු අනාවරණය වනු ඇති බවයි ඔහු පවසන්නේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ආනයනය කර ඇති බොරතෙල් ප්‍රමිතියෙන් තොර බවත්, පිරිපහදුවෙන් ලබා ගන්නා දැවිතෙල් විදුලි නිෂ්පාදනය සඳහා භාවිතා කළ නොහැකි බවත් ජනක රත්නායක මහතා රූපවාහිනී සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. බොරතෙල් ගෙන්වූ අයටම බොන්න දෙනවා හැර එම දැවිතෙල් වෙනත් කාර්යයක් සඳහා භාවිතා කළ නොහැකි බවද ජනක රත්නායක මහතා සඳහන් කළේය.

ඊට ප්‍රතිචාර දක්වමින් කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබිණි. ඔහු පවසන්නේ මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවයි. ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද අමාත්‍යවරයා පවසා තිබෙනවා.

ජනක රත්නායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ, අමාත්‍යවරයා කළයුත්තේ එල්ල කරන චෝදනා පිළිබඳව සොයා බලා වැරැද්දක් සිදුව ඇත්නම් එය නිවැරදි කිරීම මිස වැරදි පෙන්වා දෙන පුද්ගලයන් හඹා යාම නොවන බවයි.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan