රෂිකා හෙන්නායක සැප්තැම්බර් , කොළඹ LNW :
අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ළඟ තබාගැනීමේ වරදට වරදකාරිය වී සිරදඬුවම් නියම වූ ශෂී වීරවංශ මහත්මියගේ නඩුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, ඇයට එරෙහි දඬුවම මහාධිකරණය මගින්ද තහවුරු කර ඇති බවත් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත් අනාවරණය විය.
මෙම පැමිණිල්ල අද (29) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී අදාළ අභියාචනයට සම්බන්ධ ලේඛන ඉදිරිපත් කිරීමට විත්ති පාර්ශවයට කල් ලබා දෙන ලදී.
ඒ අනුව, අධිකරණ ක්‍රියාවලියේ මීළඟ පියවර ලෙස මෙම පැමිණිල්ල නැවතත් ඔක්තෝබර් මස 12 වනදා කැඳවීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.


