අද (28) උදෑසන මීටියාගොඩ මගවෙල ප්රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.
මෙම වෙඩිතැබීමෙන් තුවාල ලබා ඇත්තේ මීටියාගොඩ මගවෙල ප්රදේශයේම පදිංචිකරුවකු බවයි පොලිසිය පවසන්නේ.
ඔහුගේ පාදයකට වෙඩිවැදී ඇති අතර ඔහුව බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.
මීටියාගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
RN