නේපාලයට බලපෑ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 120 දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : නේපාලයේ කත්මණ්ඩු අගනුවරට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර හා නාය යාම හේතුවෙන් පුද්ගලයා 120ක් මියගොස් 60 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

මෝසම් සමය සෑම වසරකම නේපාලයේ ගංවතුර සහ නායයෑම් ඇති කරන අතර මෙවර ගංවතුර හා නාය යාම් හේතුවෙන් නිවාස දහස් ගණනක් ජලයෙන් යටවී ඇති අතර පුද්ගලයන් 3,000කට අධික පිරිසක් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමුකර තිබේ.

නේපාල රූපවාහිනී සංස්ථාව සඳහන් කර තිබුණේ, කත්මණ්ඩු නුවරට නැඟෙනහිර දෙසින් පිහිටි භක්තාපූර් නගරය, කත්මණ්ඩු නුවරට බටහිරින් පිහිටි ධාඩිං ප්‍රදේශය, අගනුවරට නිරිත දෙසින් පිහිටි මක්වාන්පූර් යන ප්‍රදේශ ගංවතුර හේතුවෙන් දැඩි ලෙස හානි සිදුව ඇති අතර මේ වන විටත් හෙලිකොප්ටර් හා බෝට්ටුවලින් ගලවා ගැනීමේ කටයුතු සිදු කරමින් ඇති බවයි.

එමන්ම රාජ්‍ය මාධ්‍යවලට අනුව, සෙවීම් සහ ගලවා ගැනීමේ ප්‍රයත්නවල කොටසක් ලෙස පොලිස් නිලධාරීන්, ස්වේච්ඡා සේවකයන් සහ හමුදා සාමාජිකයින් 10,000 ක් බලමුලු ගන්වා ඇති අතර නේපාල රජය අනවශ්‍ය ගමන්වලින් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් නිෂ්කාශන වාර්තාවක් අවශ්‍යද? ශ්‍රී ලංකා පොලිසියෙන් නව WhatsApp සම්බන්ධතා අංකයක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : පොලිස් නිෂ්කාශන සහතික...

ප්‍රධාන යල කන්නයේ මෙහෙයුමක් යටතේ ශ්‍රී ලංකාව වී මෙට්‍රික් ටොන් 68,149ක් මිලදී ගනී..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : දිවයින පුරා සිටින...

මහ වැසි මැදම 22ට එරෙහි සජබ විරෝධය! (PHOTOS)

කොළඹ LNW: 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමඟි...

පාර්ලිමේන්තු පරිශ්‍රයේ ප්‍රධාන පිවිසුම අසල දැඩි පොලිස් ආරක්ෂාවක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22...