දැවෙන සුළු ඉන්ධන වැගුරුවා මිස, නිවෙන සුළු සිසිල් දිය ඉස්සේ නැත

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 29, කොළඹ LNW:


ආසියානු කුසලානය ඉන්දියාවට කඩුුලු 5 ක් ජයක් ලැබෙමින් නිමාවට පත් වුවත්,දෙරටේම ක්‍රීඩකයින් මෙන්ම පාලකයින් ද ක්‍රියා කළ ආකාරයෙන් ක්‍රීඩාවේ මූලික ගුණධර්මවලට හානි විය.ක්‍රීඩාව පරාජය කරමින් දේශපාලන එදිරවාදිකම් මුලට පැමිණි අශෝභන සිදුවීම්වලින් පිරුණු තරගාවලියක අවසානයක් සහිතව ආසියානු කුසලානය නිමා වූ බවට වන ක්‍රීඩාවට අනුචිත පණිවිඩයක් සමාප්තියට ඉතිරි කර තරගාවලයික් ලෙස මෙම තරගාවලිය හැඳින්විය හැකිය.


එහෙත් ක්‍රීඩාවේ ආස්වාදය සහ මිත්‍රශීලීත්වය අවසාන මොහොතේදීත් ලෝකයට අශෝභන විදිහට එළිදක්වන්නට පකිස්තානය සහ ඉන්දියාව නොපැකිළිව කටයුතු කළේය.මොහොමඩ් නක්වි ආසියානු සභාපතිවරයා ද මේ තරගාවලිය සැළසුම් කරන තැන සිටම ආසියාවේ සභාපතිවරයා ලෙස නොව ඉන්දීය විරෝධි පකිස්තානුවෙක් ලෙස පකිස්තාන දේශපාලන සිතියම මුල කරගෙන ක්‍රියා කළේය.ඒ හිරිකිත සංස්කෘතියේම ප්‍රතිබිම්භය වෙමින් ඉන්දීය කණ්ඩායම ද අවසාන මොහොතේ ආසියානු කුසලානය ආසියානු සභාපතිවරයගෙන් ලබා නොගනිමින් ආසියානු ක්‍රිකට් වෙනුවට ඉන්දීය – පකිස්තානු එදිරිවාදිකම ක්‍රිකට් පිටිය තුළ ප්‍රදර්ශනය කරමින් කටයුතු කළේය.


ක්‍රීඩකයා තානාපතිවරයෙකු විය යුත්තේ යුද්ධයේ බිහිසුණු ඛේදවාචකවලට පාවඩ එලන්නට නොවේය.අහිමි වූ ප්‍රේමය සහ මිත්‍රශීලීත්වය පෝෂණය කරන්නටය.දෙරට ක්‍රීඩකයින් ඇවිලී තිබෙන විරසක යුදමය හැඟීම්මත දැවෙන සුළු ඉන්ධන වගුරා ගියා මිස,නිවෙන සුළු සිසිල් දිය ඉස්සේ නැත.ඒ නිසා ආසියානු ක්‍රිකට් කුසලානය අවසානයේ එම ජයග්‍රහණය සහිත කුසලානයට හිමිකම් කියන්නට පිරිසක් සිටියද දෙපිළම එක්ව ක්‍රීඩාවේ උත්තරීතර ගුණාංග පරාජය කර අවසන්ය.


මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ ආසියානු සභාපති මොහොමඩ් නක්විගෙන් කුසලානය ලබා නොගෙන කුසලානය ලබා ගැනීම අභිනයෙන් දක්වමින් සිය කණ්ඩායම වෙත එන සූරියකුමාර් යාදෙව් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආසියානු නැඟී එන කාන්තා තරගාවලියේ පිටතට පේන ඇතුළත පරාජය

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ආසියානු නැඟී එන කණ්ඩායම්...

නීතිඥවරයා ඝාතනයට වෙඩික්කරුවන් ආ බවට සැක මෝටර් රථය ගාල්ලේ බද්දේගම ගිනි ගනිමින් තිබියදී සොයා ගැනේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 15, කොළඹ LNW : තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී...

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...