මිචිගන්හි මෝමන් පල්ලියේ වෙඩි තැබීමකින් අවම වශයෙන් හතර දෙනෙකු ජිවිතක්ෂයට

Date:

සටහන: සශිකලා මධුෂාණි

සැප්තැම්බර් 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් ග්‍රෑන්ඩ් බ්ලැන්ක් හි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පසු කාලීන සාන්තුවරයන්ගේ දේවස්ථානය වන මෝමන් පල්ලියේ දේව මෙහෙය අතරතුර තුවක්කු කරුවකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරය හේතුවෙන් සිවු දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

FBI ආයතනයේ මැදිහත්වීම නිලධාරීන් 100ක් පමණ මෙම විමර්ශනය වෙනුවෙන් යොදවා ඇති අතර මත සැකකරුගේ දේපළ සෝදිසි කිරීම සහ ඔහුගේ ජංගම දුරකථන වාර්තා පරීක්ෂා කිරීම සඳහා විමර්ශකයින් කටයුතු කරමින් සිටින අතර බලධාරීන් මෙම සිද්ධිය ඉලක්කගත ප්‍රචණ්ඩ ක්‍රියාවක් ලෙස හඳුන්වා ඇත.

නිවේදනයක් නිකුත් කරමින්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පසු කාලීන සාන්තුවරයන්ගේ පල්ලිය, නමස්කාර සේවාවන් අතරතුර තුවක්කුකරුවෙකු වෙඩි තැබූ බවත්, පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලැබූ බවත් තහවුරු කර ඇති අතර එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වුයේ සම්බන්ධ වූ සියලු දෙනාටම සාමය සහ සුවය සඳහා අපි යාච්ඤා කරමු! යනුවෙනි.

මෙම ප්‍රහාරය සමබන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් සිය තෘත සමාජ මාධ්‍ය වේදිකාවේ සඳහන් කර තිබුණේ, ඇමරිකා එක්සත් ජනපදයේ කිතුනුවන්ට එල්ල වූ තවත් ඉලක්කගත ප්‍රහාරයක් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වටගලගෙන් බිලියන 10ක වන්දි වශයෙන් ඉල්ලා එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : නීතඥ සුනිල් වටගල...

රාජකීයත්වයේ උරුමය සමඟින් III වන චාල්ස් රජු සිය 77 වන ජන්ම දිනය සමරයි!

සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): අද (නොවැම්බර් 14)...

24 වැනිදා සිට කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවන්නත් අවස්ථාව!

කොළඹ LNW:ඩිජිටල්කරණ ව්‍යපෘතියට සමගාමීව ළැඹෙන 24 වැනිදා සිට ඕනෑම...

2026 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 118කින් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 අයවැය දෙවන වර කියවීම වැඩි...