නිශ්මං රණසිංහ සැප්තැම්බර් 29, කොළඹ LNW:
ඔස්ට්‍රේලියානු අවුරුදු 19 න් පහළ විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණ හතරෙන් තුනකම තරගයේ විරවරිය වූ සංජනා කාවින්දි,එක්දින තරගාවලිය අරඹමින් පැවති තරගයේදී ද,ශ්‍රී ලංකාවට ලකුණු 180 ක ජයක් ලබා දෙන්නට මුල් වෙමින් තරගයේ විරවරිය වුවාය.ශ්‍රී ලංකාවට ලකුණු 266 ක ලකුණු පූවරුවක් ලබා ගන්නට අවශ්‍යය පදනම දමමින් හතරේ පහර 12 ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වූ ලකුණු 92 ක ඉණිමක් දියත් කළ සංජනා ලාංකේය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ දැවන්තයන් නිර්මාණය කරන නවමු බිම වන රත්ගම දේවපතිරාංයේ තවත් නිර්මාණයක්ය.
වමත් පිතිකාරිණියක වන සංජනා මේ තරගාවලිය පුරාම ඇය සමඟ ආරම්භයේ දී දස්කම් දක්වන විමෝක්ෂා බාලසූරිය සමඟ මේ තරගයේදී ද ආරම්භක කඩුල්ලට ලකුණු 51 ක සබඳතාවයක් පැවත්වීය.යළිත් පස්වන කඩුල්ල වෙනුවෙන් සංජනා මෙන්ම දේවපතිරාජ නිර්මාණයක් වූ රශ්මි නේත්‍රාංජලී (59) සමඟ ලකුණු 76 ක සබඳතාවයක් පවත්වන්නට ද සංජනා සමත් වූවාය.රශ්මි ගේ ශක්තිමත් ඉණිමෙන් අනතුරුව තරගයේ අවසාන භාගයේදී රශ්මිකා සෙව්වන්දි ද පන්දු 15 න් ලකුනු 22 ක් ලබා ගනිමින් හ්‍රී ලංකා ඉණිමේ අවසානය වේගවත් කළ අතර ඒ අනුව පන්දු ඕවර් 50 නිමාවන විට ශ්‍රී ලංකාවට කඩුලු 7 ක් දැවී ලකුණු 266 දක්වා පැමිණෙන්නට හැකි විය.
පිළිතුරු ඉණිම සඳහා පිවිසි ඔස්ට්‍රෙලියාවට ආරම්භයේ සිටම ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ හිස එසැවීමට ඉඩ නොඳුන්හ.ඉලක්කම් දෙකේ ලකුණු හිමි කර ගැනීමට සමත් වූයේ ඔස්ට්‍රේලියානු පිතිකාරිනියන් දෙදෙනෙකු පමණි.ලුසී ෆින් (34) සහ නායිකා සමාරා දුල්වින් (16) එම දෙදෙනාය.පන්දු යවන්නියන් අතරින් ලිමන්සා තිලකරත්න ලකුණු 7 ට කඩුුලු 3 ක් දවා ගත්තාය.ශෂිනි ගිම්හානි නමට ලියැවි කඩුලු සංඛයාව ලකුණු 18 ට කඩුලු 3 කි.
ලකුණු විස්තරයට – https://bit.ly/4gMsYj0
