හිටපු මන්ත්‍රී අමල් අද අධිකරණයට!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW :

ඊයේ (28) දින අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අමල් සිල්වා මහතා පානදුර අධිකරණය වෙත අද ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි.

පින්වත්ත ප්‍රදේශයේදී ඔහු ඊයේ(28) අත්අඩංගුවට ගනු ලැබුවේ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසිනි.

ඒ, නීති විරෝධිව මෝටර් රථයක් එකලස් කර කූඨ ලේඛන භාවිත කර ලියාපදිංචි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. සැකකරු සන්තකයේ තිබී නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද ව්‍යාජ අංක යටතේ ලියාපදිංචි කරන ලද ජීප් රථයක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරින් විසින් පසුගිය දෙසැම්බර් 31 වනදා සොයාගෙන ඇත.

පොලිසිය පැවසුවේ , ඒ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද තවත් වාහන දෙකක් පසුගිය ජනවාරි මස පළමුවනදා සොයාගත් බවයි.

අදාල වාහන තුන නීති විරෝධී ලෙස එකලස් කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනවලදී පොලිසිය ආනාවරණ කරගෙන තිබෙන අතර, ඒ සම්බන්ධයෙන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඔහුට එරෙහිව නඩු පවරා ඇති බවද පොලිසිය පැවසීය.

පොලිසිය පැවසුවේ, ඊයේ දිනයේ සිය භාරයට ගත් ජීප් රථය මෝටර් රථ පරික්ෂකවරයා විසින් පරික්ෂා කර ඇති අතර එය ව්‍යාජ ලෙස එකලස් කළ වාහනයක් බවට හා ධාවනයට නුසුදුසු රථයක් බවට වාර්තා කර ඇති බවයි.

ඒ අනුව එම ජීප් රථය සහ සැකකරු අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි

පානදුර, පින්වත්ත ප්‍රදේශයේ පදිංචි හිටපු බස්නාහිර පළාත් මන්ත්‍රීවරයෙකු වූ අමල් සිල්වා දෙහිවල-ගල්කිස්ස මහනගර සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස වර්තමානයේ කටයුතු කරනු ලබන බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාඩුයි පාඩුයි පාඩුයි – මරික්කාර්ට ඔක්කොම පාඩුයි!

කොළඹ LNW:පසුගිය වසරේ ලාභ ඉපයූ රජයේ සමාගම් මේ වසරේදී...

ඇමරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව න්‍යෂ්ටික සබ්මැරීන නිශ්පාදනයෙන් ‘ඉදිරියට යාමට’ සූදානම්….

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක...

හසීනාගේ පක්ෂයේ විරෝධතා මර්දන නඩු විභාගය අවසන්වීමටත් පෙර බංග්ලාදේශයේ ප්‍රචණ්ඩත්වය යළිත්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බලයෙන් පහ කරන...

සුවසැරිය ගිලන් රථ 500ක බලඇණියක් කිරීමට සැලසුම්!

කොළඹ LNW:නවීන තාක්ෂණය මුසුකොට සුවසැරිය ගිලන් රථ බලඇණිය 500ක්...