අයිස් වලටත් වඩා භයානක ‘Mephedrone’ මත්ද්‍රව්‍ය ප්‍රථම වරට මෙරටින්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29 කොළඹ LNW :

අත්අඩංගුවට ගත් මෝල්ඩෝවාවේ ජාතියෙකුගෙන් සොයා ගත් ද්‍රව්‍යය, ‘Mephedrone’ මත්ද්‍රව්‍ය බව රජයේ රස පරීක්ෂක වාර්තාවෙන් හෙළි වී ඇති බව වාර්තා වේ.

සැප්තැම්බර් 21 වන දින වැලිගම දී මෙම මෝල්ඩෝවාවේ ජාතිකයා අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම මත්ද්‍රව්‍යය අයිස් වැනි අනෙකුත් මත්ද්‍රව්‍යවලට වඩා භයානක බවත් මෙම මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවේ පළමු වරට අනාවරණය වී ඇති බවත්, දකුණු පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පවසයි.