බැඩ්මින්ටන් ජනගත වෙයි

Date:

ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් තරගකාරි ස්වභාවයෙන් මිදී,ක්‍රීඩාව සහ ජනතාව අතර විනෝදාත්මක බන්ධනයක් ඇති කිරීම සඳහා අලුත් පියවරක් ඉදිරියට තැබීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් මූලිකත්වය ගෙන ඇත.ක්‍රීඩාව විඳීමේ අවස්ථාව පුළුල් ලෙස ජනගත කිරීමෙන් ඉනික්බිතිව,වක්‍රාකාරයෙන් තරගකාරී බැඩ්මින්ටන් සඳහා ක්‍රීඩක ආකර්ශණය මෙන්ම වින්දනය පිණිස වූ පුද්ගල ආකර්ශණය ද වැඩි කරනු ඇත.ක්‍රීඩාවක දියුණුව සඳහා තරගකාරීත්වයෙන්ම එම ක්‍රීඩාව පැවතීමට වඩා ඒ සඳහා ආදරය සහිතව විඳින්නන් පිරිසක් රොක්විම ද වැදගත්ය.
ඒ අනුව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සභාපති රොහාන් ද සිල්වාගේ මඟ පෙන්වීම මත “එයාර් බැඩ්මින්ටන්” ලෙස බැඩ්මින්ටන් ක්‍රීඩාවේ හැඩය නව ආකාරයකට සමාජ ගතවීම සැප්තැම්බර් 28 වන දා, බත්තරමුල්ල පැලවත්ත පැරණි ගෝ කාර් පිටිය කේන්ද්‍ර කරගෙන පැවත්විණි.

ඊට සමගාමීව එම මොහොතේම බණ්ඩාරවෙල – ගුරුතලාව,අනුරාධපුරය,අම්බලන්ගොඩ,වව්නියාව සහ නුවරඑළියේ ද එයාර් බැඩ්මින්ටන් එළි දැක්විම සිඳුවිණ.ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනයේ නිලධාරීන් මෙන්ම හිටපු සහ වර්ථමානය නියෝජනය කරන ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද මේ අවස්ථාවට එක්වී ප්‍රදර්ශනාත්මකව තරග වැදිණ.

එයාර් බැඩ්මින්ටන් සඳහා යොදා ගන්නා පිහාටු මල යම් ආකාරයකට සුළු බරක් දරන අතර ඒ නිසා එළිමහනේ සුළඟට ඔරොත්තු දීමේ ගුණයෙන් යුක්තය.ගෙමිදුල,වෙරළ,උද්‍යානය වැනි කුමන තැනක දී හෝ සාමාන්‍යයෙන් බැඩිමන්ටන් පිටියක ක්‍රීඩා කරන ස්ව්දෙනෙක් වෙනුවට හය දෙනෙක්ට තිදෙනා බැඟින් දෙපිළට බෙදී ක්‍රීඩා කරන්න ද මෙහිදි අවස්ථාව ඇත.සුළඟ දරා ගැනීමට ඇති ඉඩ නිසා එළිමහනේ විනෝදාත්මක ක්‍රීඩාවක් ලෙස බැඩ්මින්ටන් ක්‍රීඩාවේ නියැලීම සඳහා පොළඹවවන සුළු එයාර් බැඩ්මින්ටන් අලුත් බැඩ්මින්ටන් සංස්කෘතියකට මඟ කියන ඉසව්වක් වනු ඇත.

සෞඛයමය ආශිර්වාදයක් ලෙස එයාර් බැඩ්මින්ටන් සමාජ ගතවීම මෙන්ම ඊට අවශ්‍යය ක්‍රීඩා භාණ්ඩ ද සමාජයේ වැඩි දෙනෙකුට භාවිතයට ගත හැකි මට්ටමට සමීප කිරීමටද ව්‍යායාමයක් අවශ්‍යය වන්නේය.තවමත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදනයට අවධානය යොමු නොවි තිබීම ක්‍රීඩා බලධාරීන්ගේ අවධානයට ලක් විය යුතු අතර ඒ සඳහා පෙළඹීම සිඳු නොවන්නට නිෂ්පාදනය සඳහා වන අමු ද්‍රව්‍ය රටින් ගෙන්වීමේදි දරන්නට වන බදු බර ද එක් හේතුවක්ය.නිෂ්පාදන ආර්ථිකය රටේ අවශ්‍යයතාවය හැටියට දැඩිව දැනෙමින් තිබෙන මොහොතක තිබෙන සමාජයට තවත් අතකින් සෞඛ්‍යමය ගැටළු ඉහළ යමින් තිබෙන බව ද අවධානයට ගන්නේ නම්,ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදනය රටතුළ ඇති වීම ද වැදගත් කාර්යයක් වනු ඇත.ආසන්න රටවල ආනයනය කළ හැකි මට්ටමකින් එම නිෂ්පාදන කටයුතු සිද්ධ වන්නේනම් සමීප දේශපාලන සබඳතා පවත්වා ඇති බවට තොරතුරු සහිත උගන්ඪාව වැනි රටවලට ක්‍රීඩා උපකරණ ආනයනය කළ හැකි රටක් වන්නට ද ශ්‍රී ලංකාවට හැකියාව ඇත.

කෙසේ හෝ බැඩ්මින්ටන් පරිපාලනය ඉදිරිපත් වී සකස් කළ අලුත් මාර්ගය යහපත් එකකි.එහි තනියෙන් යා නොහැක.ඒ තනිකම මකා ගන්නට බැඩ්මින්ටන් ගැසීමට වඩා තවත් ක්‍රියාදාමයන් අවශ්‍යය වේ.අප ඉහතින් සඳහන් කළේ එවැනි කළ යුතු මැදිහත්විමකි.එය වගකීම් සහගත ලෙස විය යුතු මැදිහත්වීමක් ද වේ.අලුත් ගමණට සුබ පතන අතර රටේ වැඩි පිරිසකගේ ජිවතාපේක්ෂාව ඉහළ නැංවීමට අවශ්‍යය ක්‍රීඩාශිලීත්වය බෝ කරන්නට එයාර් බැඩ්මින්ටන් වෙත හැකියාව සහ ශක්තිය පතන්නෙමු!

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලහිරු සහ තරිඳු ටෙස්ට් වරම් දිනා ගනියි

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: බංගලාදේශයට එරෙහිව පැවත්වෙන ටෙස්ට්...

කසල තේ සමඟ පුද්ගලයෙක් STF දැලේ!

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : කසල තේ කිලෝ...

කින්නියා නගර සභාව සහ නෙළුව ප්‍රාදේශීය සභාව සජබෙට!

කොළඹ LNW:ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ කින්නියා නගර සභාවේ බලය සමඟි ජන...

මැදපෙරදිග ගිනියම් වෙයි: ඉරාන-ඊශ්‍රායල යුධ ගැටුම ලෝක යුද්ධයක ආරම්භයද?

සටහන – ඔවින්දි විෂ්මිකාජූනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය ජුනි...