ආදිවාසී නායකයාත් මැතිවරණයක් ඉල්ලයි !

Date:

මහ මැතිවරණයක් සම්බන්ධයෙන් මේ වනවිට රටපුරා දැඩි ජනමතයක් නිර්මාණය වී තිබෙනවා. බොහෝ පාර්ශ්ව පවසන්නේ වත්මන් ජනාධිපතිවරයාට හෝ වත්මන් ආණ්ඩුවට ජනමතයක් නොමැති බවයි.

එසේම වත්මන් පාර්ලිමේන්තුවද සැබෑ ජනමතය නිර්මාණය නොකරන බැවින් ජනතාවගේ කැමැත්ත නිවැරදිව තහවුරු කරන පාර්ලිමේන්තුවක් නිර්මාණය කර ගැනීම සඳහා ජනතාවට අවස්ථාව ලබාදිය යුතු බව බොහෝ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් ප්‍රකාශ කරනවා.

කෙසේ නමුත් ආණ්ඩුව මහ මැතිවරණයක් පැවැත්වීමේ කිසිදු සූදානමක් නොමැති අතර වත්මන් පාර්ලිමේන්තුවේ නිළ කාලය අවසන් වනතෙක් කෙසේ හෝ බලය පවත්වාගෙන යාම ඔවුන්ගේ අරමුණයි.

පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අභ්‍යන්තර අර්බුද ගණනාවකට මුහුණ දී සිටින අතර පසුගිය මහ මැතිවරණයේදී එම පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රී කණ්ඩායම මේ වනවිට කොටස් කිහිපයකට කැඩීගොස් තිබෙනවා. එනිසා එම පක්ෂය කිසිසේත්ම ඉක්මන් මැතිවරණයකට සූදානම්ව නොමැත. පොදුජන පෙරමුණේ අපේක්ෂාව වන්නේ පක්ෂයේ අභ්‍යන්තර අර්බුද සමනය කර ගන්නා තෙක් හෝ මහ මැතිවරණය කල්දමා ගැනීමයි.

මේ අතර ආදිවාසී නායක ඌරුවරිගෙ වන්නිලැත්තන්ද ඊයේ මහ මැතිවරණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබිණි. බදුල්ලේදී පැවති උත්සවයකින් අනතුරුව ඔහු සඳහන් කර තිබුණේ අරගලයේ නිරතව සිටි තරුණ තරුණියන් වෙනසක් ඉල්ලා සිටි බවයි. එම වෙනස ඇති කිරීමට නම් ජනතාවට තමන්ගේ නියෝජිතයන් පත්කර ගැනීමේ අවස්ථාව ලබාදිය යුතු බවත් මහ මැතිවරණයකින් පසුව බිහිවන නව පාලනයක් හරහා අර්බුද විසඳා ගැනීම තරුණයන්ගේ අපේක්ෂාව බවත් ආදිවාසී නායකයා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කර්මාන්ත අංශයේ නැග්මක් – වසරේ පළමු කාර්තුවේ දී ආර්ථිකය 4.8% කින් ප්‍රසාරණය වෙලා

කොළඹ LNW:කර්මාන්ත අංශයේ විශේෂ පිබිදීම හේතුවෙන් මේ වසරේ පළමු...

පුංචි ජන්දේ ආදායම් වියදම් වාර්තා නොදුන් ලැයිස්තුව පොලීසියට!

කොළඹ LNW:ආදායම් හා වියදම් වාර්තා ඉදිරිපත් නොකළ පළාත් පාලන...

නැගෙනහිර ආදායමෙන් ලංකාවම ගොඩදාන්න ඇමති හඳුන්නෙත්තිට තවත් තනතුරක්

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මඩකලපුව දිස්ත්‍රික්...

ඇත්තටම ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවරද?

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකය...