ආදිවාසී නායකයාත් මැතිවරණයක් ඉල්ලයි !

Date:

මහ මැතිවරණයක් සම්බන්ධයෙන් මේ වනවිට රටපුරා දැඩි ජනමතයක් නිර්මාණය වී තිබෙනවා. බොහෝ පාර්ශ්ව පවසන්නේ වත්මන් ජනාධිපතිවරයාට හෝ වත්මන් ආණ්ඩුවට ජනමතයක් නොමැති බවයි.

එසේම වත්මන් පාර්ලිමේන්තුවද සැබෑ ජනමතය නිර්මාණය නොකරන බැවින් ජනතාවගේ කැමැත්ත නිවැරදිව තහවුරු කරන පාර්ලිමේන්තුවක් නිර්මාණය කර ගැනීම සඳහා ජනතාවට අවස්ථාව ලබාදිය යුතු බව බොහෝ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් ප්‍රකාශ කරනවා.

කෙසේ නමුත් ආණ්ඩුව මහ මැතිවරණයක් පැවැත්වීමේ කිසිදු සූදානමක් නොමැති අතර වත්මන් පාර්ලිමේන්තුවේ නිළ කාලය අවසන් වනතෙක් කෙසේ හෝ බලය පවත්වාගෙන යාම ඔවුන්ගේ අරමුණයි.

පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අභ්‍යන්තර අර්බුද ගණනාවකට මුහුණ දී සිටින අතර පසුගිය මහ මැතිවරණයේදී එම පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රී කණ්ඩායම මේ වනවිට කොටස් කිහිපයකට කැඩීගොස් තිබෙනවා. එනිසා එම පක්ෂය කිසිසේත්ම ඉක්මන් මැතිවරණයකට සූදානම්ව නොමැත. පොදුජන පෙරමුණේ අපේක්ෂාව වන්නේ පක්ෂයේ අභ්‍යන්තර අර්බුද සමනය කර ගන්නා තෙක් හෝ මහ මැතිවරණය කල්දමා ගැනීමයි.

මේ අතර ආදිවාසී නායක ඌරුවරිගෙ වන්නිලැත්තන්ද ඊයේ මහ මැතිවරණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබිණි. බදුල්ලේදී පැවති උත්සවයකින් අනතුරුව ඔහු සඳහන් කර තිබුණේ අරගලයේ නිරතව සිටි තරුණ තරුණියන් වෙනසක් ඉල්ලා සිටි බවයි. එම වෙනස ඇති කිරීමට නම් ජනතාවට තමන්ගේ නියෝජිතයන් පත්කර ගැනීමේ අවස්ථාව ලබාදිය යුතු බවත් මහ මැතිවරණයකින් පසුව බිහිවන නව පාලනයක් හරහා අර්බුද විසඳා ගැනීම තරුණයන්ගේ අපේක්ෂාව බවත් ආදිවාසී නායකයා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...