ලිට්‍රෝ සමාගම ලෝක බැංකු ණය ආපසු ගෙවීම අරඹයි

Date:

මෙරට ගෑස් සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ලෝක බැංකුවෙන් ලබාගත් ණය මුදල ආපසු මහාභාණ්ඩාගාරය වෙත ගෙවීම ආරම්භ කළ බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ඇමරිකානු ඩොලර් මිලියන 70ක්, එනම් රුපියල් මිලියන 26000ක් වන එම සම්පූර්ණ ණය මුදල දෙසැම්බර් මාසය තුළ ගෙවා අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ.

“ලෝක බැංකු ආධාර වශයෙන් ලැබුණු ඩොලර් මිලියන 70ක මුදල අපි නැවත වතාවක් මහාභාණ්ඩාගාරය වෙත ගෙවීම ආරම්භ කළා. අපි සැප්තැම්බර් මාසයේ රුපියල් බිලියන 6.5ක් ගෙව්වා වගේම ඔක්තෝබර් මාසයේ තවත් බිලියන 8ක මුදලක් මහාභාණ්ඩාගාරයට ගෙවීම් කරලා ඉවර කරනවා. එහෙම කරලා දෙසැම්බර් මාසය ඇතුළත රුපියල් බිලියන 26කට ආසන්න මුළු මුදල ලිට්‍රෝ ආයතනයම ගෙවලා නිමකරන්න අපි සැලසුම් සකස් කරලා තියෙන්නෙ” යැයි ඒ මහතා ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්...

ලාෆ්ස් ගෑස් මිල වැඩි කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...