ගාලු ක්‍රීඩාංගනයේ අනවසර ඉදිකිරීම්වලට එරෙහිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව උසාවි යයි

Date:

ලෝක උරුමයක් ලෙස නම්කර ඇති ගාල්ල කොටුපවුර ආශ්‍රිතව සිදුකරමින් පැවති ඉදිකිරීම් අත්හිටුවීමට පුරාවිද්‍යා බළධාරීන් පියවර ගෙන තිබෙනවා. ගාල්ල ක්‍රීඩාංගනය ආශ්‍රිතව මෙම ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර ඒ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිළ අවසරය ලබාගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම්කර ඇති ප්‍රදේශයක පෞද්ගලික ඉඩමක වුවද ඉදිකිරීම් සිදු කිරීමේදී අවසර ලබාගත යුතු බව පෙන්වා දෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ක්‍රීඩාංගනයේ ඉදිකිරීම්වලදී තම නිළධාරීන්ගේ අවසර ලබා නොගැනීම බරපතල ගැටලුවක් බවද පවසනවා.

ගාල්ල ක්‍රීඩාංගනය සම්බන්ධයෙන් යුනෙස්කෝ සංවිධානය ලබාදී තිබූ උපදෙස් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවෙමින් පවතින අවස්ථාවක යළිත් එවැනිම ගැටලුවක් මතුවීම අතිශය බරපතල බවයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්, මහාචාර්ය අනුර මනතුංග මහතා පෙන්වා දෙන්නේ.

මෙම අනවසර ඉදිකිරීම් පිළිබඳව දැනුවත් වූ වහාම ඉදිකිරීම් නතර කරන ලෙස ගාල්ල දිස්ත්‍රික් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂිකා වසන්ති අලහකෝන් මහත්මිය උපදෙස් ලබා දී තිබෙනවා. කෙසේ නමුත් එම උපදෙස් නොතකා තවදුරටත් ඉදිකිරීම් සිදුකළ බැවින් පොලීසිය සමග ගොස් අදාල ඉදිකිරීම් අත්හිටුවීමට පියවර ගත් බවයි ඇය පවසන්නේ.

මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපදෙස් ලබාදුන් බවත්, ඒ් අනුව නීතිමය උපදෙස් ලබාගනිමින් සිටින බවත් වසන්ති අලහකොන් මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාර්ල්ස් රජුගේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මුහම්මද් යූනුස් “Harmony Award 2025” සම්මානයෙන් පිදුම් ලබයි!

සටහන – පුලීජූනි 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ...

හෙට දකින උළෙලක අදට වඩා වටිනාකමක් දී දැකිය යුතු ප්‍රතිපල

නිශ්මං රණසිංහ ජුනි 16, කොළඹ LNW: මීටර් 400 කඩුලු ඉසව්ව...

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...