සුබ්‍රමනියම් ස්වාමි ඇතුළු පිරිසට මහින්දගෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් !

Date:

භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යේෂ්ඨ දේශපාලනඥයකු වන සුබ්‍රමනියම් ස්වාමි මහතා ඊයේ (28) දිනයේදී හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඇති බව වාර්තා වේ.

ඒ, මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචිව සිටින නිල නිවසේදී ය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පවුලේ පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වී ඇත.

එමෙන්ම දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සහ වතුකරයේ දේශපාලන පක්ෂ නායකයින් පිරිසක් ද මීට එක්ව ඇති අතර මහින්ද රාජපක්ෂ මහතා විසින් ඔවුන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පවත්වා ඇති බව සඳහන්.

ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා ශ්‍රී ලංකාවට පැමිණ තිබුණේ අද (29) පැවති කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර පර්යේෂණ මධ්‍යස්ථානයේ සමුළුවට සහභාගී වීම සඳහා ය. වාර්ෂිකව පැවැත්වෙන මෙම සමුළුව මෙවර පැවැත්වුණේ 15 වන වරට වන අතර මෙවර සමුළුවෙහි ප්‍රධාන දේශනය පවත්වන ලද්දේ සුබ්‍රමනියම් ස්වාමි මහතා විසිනි.

රාජපක්ෂවරුන් අතට නැවතත් බලය අල්ලාගෙන මහින්ද රාජපක්ෂ මහතා නැවතත් අග්‍රාමාත්‍ය ධුරයට පත්කර ගැනීමේ සැලැස්මක් ඒ මහතාගේ පුත්‍රයින් විසින් දියත් කර ඇති අතර සුබ්‍රමනියම් ස්වාමි හමුවීමත් එහි තවත් එක් අදියරක් බවත් තහවුරු නොකළ ආරංචිමාර්ග සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයතන 15ක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

කොළඹ LNW:ආයතන 15ක සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති...

ආපදා හේතුවෙන් මරණ 69ක් දක්වා වැඩි වෙද්දී තවත් 34ක් අතුරුදහන්!

කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට ආපදා මරණ...