*
Friday, April 26, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකාව වැටුණාට වඩා හොඳින් නැගිටියි.

පෙරේදා (සැප්තැම්බර් 27 වන දා) නේපාලය වෙතින් අනපේක්ෂිත පරාජයකට මුහුණ දුන් ශ්‍රී ලංකා කාන්තා පැසිපන්දු කණ්ඩායම ඊයේ (සැප්තැම්බර් 28) සත්කාරක මාල දිවයින කණ්ඩායම ඉදිරයේ පෙරේදා සිය කීර්ති නාමයට සිඳු වූ කඩතොළු වසා ගනිමින් ලකුණු 72- 59 ක් ලෙස ජය වාර්තා කරන්නට සමත් විය.ශ්‍රී ලංකාව පරාජය කළ නේපාල කණ්ඩායම පරාජය කර සිටි මාල දිවයින පරාජය කරමින් තරගාවලියට සහභාගි වි සිටින කණ්ඩායම් අතර තමන් අතින් සිඳු කරගන්නා වරදක් නොවන්නට තමන් පරාජය කළ නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සනාත කළහ.

පරාජයේ වේදනාව පාඩමක් කර ගනිමින් මේ තරගාවලියේ ශක්තිමත්ම සහ එකාවන්ව ක්‍රීඩා කර හොඳම තරග රටාව මාල දිවයිනට එරෙහිව දියත් කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ නේපාලය පරාජය කරන්නට තරම් දක්ෂතා දක්වා සිටි මාල දිවයින කණ්ඩායම මුල සිටම තමන් පසුපසින් තබා ගෙන ක්‍රීඩා කරන්නට සමත් වූහ.විශේෂයෙන් නේපාල තරගයේදි උගත් පාඩම් ශ්‍රී ලංකාව මේ තරගයේදී යොදාගත් ආකාරය කැපී පෙණින.එම තරගයේදී මුලදී තරගයේ ඉදිරියෙන් සිටිම ගැන කල්පනාවට නොගත් ශ්‍රී ලංකාව මේ තරගයේදී ආරම්භයේ දීම ඉදිරිය සටහන් කර ගන්නට ක්‍රියා කළේය.ඒ නිසා පළමු අර්ධය නිමාවන විට එහි මුලු කාර්තුවේ 23 – 11 සහ දෙවන අර්ධයේද 23 – 11 සේ තරගයේ ඉදිරියට ගිය ශ්‍රී ලංකාව ලකුණු පූවරුව 46 – 22 ක් සේ සැකසීය.

තරගයේ අවසාන අර්ධයේදි එම වාසිය ඉතා වැදගත් වූ අතර දරා ගැනීමේ ශක්තියෙන් ඉදිරියෙන් සිටි මාල දිවයින ක්‍රීඩිකාවෝ අවසන් අර්ධයේ ආරම්භක කාර්තුවේ දී ලකුණු 15 ක් රැස් කරේ ශ්‍රී ලංකාවට ලකුණු 13 ක් පමණක් ලබා ගන්නට දෙමින්ය.අවසාන කාර්තුවේදි මාල දිවයින ක්‍රීඩිකාවෝ ලකුණු 22 ක් රැස් කරේ ශ්‍රී ලංකාවට ලකුණු 13 ක් පමණක් රැස් කරන්නට ඉඩ ලබා දෙමින් වුව,ඒ වන විට ශ්‍රී ලංකාව මුල් අර්ධයේ ලබාගත් දැඩි වාසිය නිසා එය ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයට හරස් නොවිණි.
දකුණු ආසියාතික රටක ක්‍රීඩා කරද්දී බොහෝ ක්‍රීඩාවලදී සත්කාරක රටවලට යම් යම් ආකාරයේ විනිසුරු සහයන් ලැබීම සිඳුවීම සාමාන්‍ය තත්ත්වයක් සේ දකින්නට ඇත.ඒ ආකාරයටම මෛ තරයේදි ත් යම් ආකාරයකින් මාල දිවයින වෙනුවෙන් එවැනි දේ සිඳු වූවේ ද යන්න සැකයට බඳුන් වනක්‍රියාකාරකම් ද දක්නට ලැබිණි.නමුත් තරගයේ වැඩි දස්කම් දැක් වූ ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය සහතික විය.

නමුත් 2016 තරගාවලියට සාපේක්ෂව ගත් විට ශ්‍රී ලංකා කාන්තා පැසි පන්දු කණ්ඩායමට ඩා අනෙකුත් කළාපිය රටවල පැසිපන්දු සීග්‍රයෙන් දියුණු වි තිබෙන බව මෙම තරගාවලිය පුරාම දැක ගන්නට ලැබිණ.ඒ පණිවඩය ගත යුතුතේ ක්‍රීඩිකාවන්ට වඩා පැසිපන්දු පරිපාලනය ය.නිරන්තරයෙන්ම කළමණාකරනය වන ජාතික සංචිතයක් පවත්වා ගනිමින් ක්‍රීඩාව පෙරට ගෙන යාමට වැඩ සටහනක් හඳුන්වා දීමේ වගකීම පරිපාලකයන් විසින් සිඳු කරන්නට කටයුතු නොකිරිමෙන් ක්‍රීඩා පිටියේ දහදිය හෙළන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එම අසමත්කමේ අපකීර්තිය දරන්නට වනු ඇත.

ඒ නිසා පැසිපන්දු ක්‍රීඩක කීඩිකාවන්ද තමන් පෞද්ගලිකව හෝ මැදිහත්ව ස්විය ක්‍රීඩා රටාව දියුණු කර ගැනීමට උත්සාහ කළ යුතුය.ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කිරීම තමන් හිසට තම අතමය සෙවනැල්ල බඳු බව අවබෝධ කරගෙන සියල්ලන්ගේ වරදවල්වල ප්‍රතිපලයේ අවමානය සහ අපකීර්තිය ක්‍රීඩා පිටිය තුළ ලෝකයට පෙනෙන්නට විඳින්නට සිඳුවන්නේ තමන්ට බව සිතා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වඩා හොඳ තරග රටාවකට නිරන්තරයෙන් කැපවී පුහුණුවීම වැදගත්ය.

දැනට ලකුණු රැස් කිරීම අතින් තරගවල වැඩිම ලකුනු එකතුවක් සහති කණ්ඩායම ලෙස ශ්‍රී ලංකාව අනෙකුත් කණ්ඩායම්වලට වඩා ඉදිරියෙන් ඇත.ඊයේ භූතානය නේපාලයට පරාජය වෙද්දි එම ලකුණු පූවරුව 65 -26ක් විය.ශ්‍රී ලංකාව භූතානය පරාජය කළේ 98 – 33 ක් ලෙසය.අද මාල දිවයින භූතානයට එරෙහිව කෙතරම් ලකුණු ප්‍රමාණයක් ලබා ගන්නේ ද යන්නත් ශ්‍රී ලංකාවට වැදගත්ය.
ශ්‍රී ලංකාව තරගාවලිය පුරා ලකුණු 219 ක් ලබා ගෙන ප්‍රතිවාදින්ට ලකුණු 147 ක් ලබා දී ඇත.නේපාලය තරග තුන තුළ ලබා ඇත්තේ ලකුණු 161 කි.ඔවුන්ගෙන් ප්‍රතිවාදීන්ට ලබා ගන්නට හැකි වූ ලකුනු ප්‍රමාණය 132 කි.මාල දිවයිනට භූතානය සමඟ තරගය ඉතිරිව තිබියදී තරග දෙකක් තුළ ලකුණු 116 ක් ලබා ලකුණු 123 ලබා දි ඇත.

තරගය සඳහා මාල දිවයින ජනාධිපතිවරයා සහ ක්‍රීඩා අමාත්‍යවරයාද සහභාගි වෙමින් එරට ක්‍රීඩිකාවන්ට ශක්තිය සපයන්නට ඉදිරිපත් වී සිටි අතර ක්‍රීඩාංගණයට එක්ව සිටි විශාල මාල දිවයින ජනතාව අතරේ ශ්‍රී ලංකා ධජය ද රැඟෙන ශ්‍රී ලංකාවට සුබ පතමින් දිරි දුන් ප්‍රේක්ෂකයන්ද ජයග්‍රහණයේ හවුල්කරුවෝය.එසේම ශ්‍රී ලංකා කණ්ඩායමේ උද්යෝගයෙන් පිරි එකමුතුකම ද මේ ජයග්‍රහණයට බෙහෙවින් වැදගත් විය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan