මරණ තර්ජන නිසා මුලතිව් දිසා විනිසුරු ඉල්ලා අස්වෙයි !

Date:

තම ජීවිතයට එල්ල වී ඇති තර්ජන නිසා සහ අධික ආතතිය නිසා විනිසුරු තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව මුලතිව් දිසා විනිසුරු ටී. සරවනරාජා මහතා අධිකරණ සේවා කොමිසමට දැනුම් දී තිබේ.

ටී. සරවනරාජා මහතා යනු හින්දූන් සහ බෞද්ධයින් යන දෙපාර්ශ්වයම අයිතිවාසිකම් කියා පාන කුරුන්තිමලේ පුරාවිද්‍යා භූමිය සම්බන්ධයෙන් නඩුව විභාග කළ විනිසුරුවරයා ය.

ඒ මහතා සැප්තැම්බර් 23 වන දින අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දී ඇත්තේ දිසා විනිසුරු තනතුරින්, මහේස්ත්‍රාත් තනතුරින්, පවුල් අධිකරණ විනිසුරු තනතුරින්, ප්‍රාථමික අධිකරණ විනිසුරු තනතුරින්, සුලු හිමිකම් අධිකරණ විනිසුරු තනතුරින්, බාලක අධිකරණ විනිසුරු තනතුරින් ඉල්ලා අස්වන බවයි.

ටී. සරවනරාජා විනිසුරුවරයාගේ නඩු තීන්දු අවස්ථා කිහිපයකදීම සරත් වීරසේකර මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවේදී විවේචනයට ලක්කර තිබුණු අතර ඔහුව මාරුකර යවන මෙන් ද ඉල්ලා තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තැපැල් සේවකයින් අදත් වැඩවර්ජනයේ

සටහන - රුවන් නෙළුගොල්ල තැපැල් සේවකයින් ආරම්භ කර ඇති දීප...

හැංගිලා හිටපු තුසිත හල්ලොලුව අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු...

ජාතික සතොස සහල් – ඇමති වසන්තගෙන් අලුත් වැඩක් !

සටහන - රුවන් නෙළුගොල්ල "ජාතික සතොස” වෙළඳ සන්නාමය සඳහන් ඇසුුරුම්...

අරුණ පත්තරේ නිරෝෂා වාසල CIDයට කැඳවයි !

"අරුණ" පුවත්පතේ මාධ්‍යවේදිනී නිරෝෂා වාසලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...