ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ඇතුළු ආයතන කීපයක් ඈවර සම්බන්ධයෙන් රජයේ අවධානය!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ (LNW):

ත්‍රිපෝෂ සමාගම ඇතුළු ආයතන කීපයක් ඈවර සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී ඇති අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක යටතේ පාලනය වන මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශයට අදාළ විෂය පථයන් ගැසට් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයේ විෂයයන් හා කර්තව්‍යයන් යටතේ සඳහන් කර ඇති පරිදි ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම, ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය, දරුවන් සුරකිමු ජාතික භාර අරමුදල සහ ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීම (ඉවත් කිරීම) පනත යටතේ මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා සතුකර ඇති ආයතන මෙලෙස ඈවර කිරීමට නියමිත බවය.

මෙම ආයතන ඈවර කිරීමට හෝ වෙනත් ආයතන සමග ඒකාබද්ධ කිරීමට නියමිත ආයතනවල කටයුතු අවසන් කිරීම සම්බන්ධව කටයුතු කෙරෙන බව ගැසට් පත්‍රයේ සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවරයින්ටත් විශ්‍රාම වැටුපක්!

කොළඹ LNW: ධීවර ප්‍රජාව වෙත විශ්‍රාම වැටුපක් හඳුන්වා දීමට...

ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායමක් බංගලාදේශයට

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: මෑත කාලීනව බංගලාදේශ යොවුන්...

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිවේදනයක්: හසීනාගේ මරණ දඬුවමට ප්‍රතිචාර

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය විදේශ කටයුතු...

ඒ කණ්ඩායමේ දඟරය ජාතික කණ්ඩායමට

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ජාත්‍යන්තර වශයෙන් විවිධ රටවල...